ව්‍යාපාර විශ්වසනීයත්ව දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි. – LMD

ව්‍යාපාර විශ්වසනීයත්ව දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි. – LMD

ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD මාර්තු කලාපයට අනුව, ශ්‍රී ලංකාව ව්‍යාපාර විශ්වසනීයත්ව දර්ශකය [Business Confidence Index (BCI)] පෙබරවාරියේ දී එහි ඉහළම අගයට පැමිණ තිබෙන බව වාර්තා කරයි.

ඒ අනුව, ජනවාරියේ දී 198ක් වූ ව්‍යාපාර විශ්වසනීයත්ව දර්ශකය, පෙබරවාරියේ දී ඒකක 204ක් දක්වා වර්ධනය වී තිබේ.

පසුගිය 2015 වසරේ සැප්තැම්බර් මස සිට මේ දක්වා ව්‍යාපාර විශ්වසනීයත්ව දර්ශකය වාර්තා කළ ඉහළම අගය මෙය බව පැවසේ.

LMD සගරාවේ මාර්තු කලාපය මෙතෙක් වෙළද පොලට නිකුත් කර නැති අතර,මෙම විශේෂ හෙළිදරව්ව සිදුකර තිබෙන්නේ Daily FT පුවත්පත විසිනි.

Facebook
Twitter
LinkedIn