මේ අනාවැකිය හරි යයිද?

මේ අනාවැකිය හරි යයිද?

මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණ තත්වය අතරතුර සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

උතුර, උතුර මැද, නැගෙනහිර සහ ඌව පළාතට පොදුවේ මෙලෙස වැසි හට ගන්නා බව පවසා ඇති අතර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි පැතිරී යා හැකි බව අනාවැකියේ සඳහන් කර තිබේ.

උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලටත්, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වේ. වැසි ඇතිවන ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවට අනාවැකියේ වැඩි දුරටත් දැක්වේ.

Facebook
Twitter
LinkedIn