ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් (Ms. Severine Chappaz) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (25) සිදු වී තිබේ
ශ්‍රී ලංකාවේ නව රජය ගෙනයන වැඩපිළිවෙලට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහාය ලබාදීමට මෙහිදී අවධානය යොමු කර ඇත.
ඒ අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට අදාළ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටත්, ධාරිතා සංවර්ධනය කිරීමටත් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ එකඟතාව පළ කර තිබේ.
අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී කියා ඇත.
ජාති, ආගම් භේදවලින් තොරව එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, එක්ව ඉදිරියට යන ගමන වඩා සවිමත් කිරීම වෙනුවෙන් “Sri Lankan Day” සැමරීමට රජය සැලසුම් කර ඇති බවද ජනාධිපති සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය 1989 සිට ශ්‍රී ලංකාවේ සිදු කරන මානුෂීය මෙහෙයුම් මෙහිදී අගය කළ ජනාධිපති ඒ වෙනුවෙන් සිය ස්තූතිය පළ කර ඇත.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සන්නිවේදන කළමනාකරු රුවන්ති ජයසුන්දරද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.












