වත්මන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පැවති අතර එහිදී අයවැය වැඩි ඡන්ද 109කින් සම්මත විය.
ඒ අනුව 2025 වසරේ ඉදිරි මාස 08 සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම් පතට පක්ෂව ඡන්ද 155ක්ද අයවැයට විරද්ධව ඡන්ද 46ක්ද ලැබී තිබිණි.
මේ වනවිට බලයට පත්ව සිටින ජාතික ජන බලවේගය ආණ්ඩුවේ පළමු අයවැය සඳහා වන විසර්ජන කෙටුම්පත 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පසුගිය මුදල් ඇමති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය කතාව 2025 පෙබරවාරි 17 වනදා සිදු කළ අතර 18 වනදා සිට අද (25) දක්වා කාලය තුළ දෙවනවර කියවීමේ විවාදය පැවැත්විණි. අද දින දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර අයවැය තෙවැනි වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය 2025 පෙබරවාරි 27 සිට මාර්තු 21 වනදා සිදුකිරීමට නියමිතය.
මාර්තු 21 වනදා අයවැය තෙවන වර කියවීමේ ඡන්දය හෙවත් අයවැය ඡන්ද වීමසීම පැවැත්වීමට නියමිතය.










