විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සැසියක් පැවැත්වෙන ඕනෑම දිනෙක සම්ප්රදායක් හැටියට ස්ථාවර නියෝග 27/2 https://olhp.gov.lk/ourServices_pros_2.php යටතේ ආණ්ඩුවෙන් ප්‍රශ්න ඇසීම සහ කතානායක සමග පැටලීම පාර්ලිමේන්තුවේ සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. කෙසේ වෙතත් එය ඔහුට ලැබෙන වරප්‍රසාදයක් බවත් කිව යුතුය. විපක්ෂ නායකගේ බලාපොරොත්තුව දවසේ මාධ්‍ය නාලිකා වලට උදෙන්ම “නිවුස්” එකක් දීම බවත් සමහරු කියති. කෙසේ වෙතත් දැනට සති දෙකක් තිස්සේ පැවැත්වෙන අයවැය විවාදයේ දවසේ පළමු පැය භාගය ඔහු ලබාගන්නේ රටේ ජාතික ආරක්ෂාව කඩා වැටී ඇති බවට ආණ්ඩුවට චෝදනා කිරීමටය. ඔහුගේ අනුගාමිකයන්ද ඊටත් එහා යමින් ආන්ඩුවේ මැති ඇමැතිවරුන් මැතිවරණ සමයේ රටේ ආරක්ෂාව සම්බන්ධව වේදිකාවේ කල ප්‍රකාශ සහ හඬපට උපුටා දක්වමින් ආණ්ඩුව “ෆේල්” කියා ජනයාට ඒත්තු ගන්වන්නට නොගන්නා උත්සාහයක් නැත.
රටක ජාතික ආරක්ෂාව යනු කුමක්දැයි එසේ විවේචනය කරන විපක්ෂනායකගෙන් සහ වෙනත් අයගෙන් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න නොකරන්නේ මන්දැයි මා සිතූ වාර අනන්තය. මන්ද, විපක්ෂ නායකගේ ප්‍රකාශ වලින් පෙනී යන්නේ ඔහු ජාතික ආරක්ෂාව සහ පුද්ගල ආරක්ෂාව පටලවාගෙන ඇති බවකි.
ලෝකප්‍රකට ශබ්ධකෝෂ කිහිපයකම ජාතික ආරක්ෂාව යනු කුමක්ද යන්න දක්වා ඇත “National security refers to the safety of a nation against threats such as terrorism, war, or espionage – Oxford English Dictionary”. (ජාතික ආරක්ෂාව යනු ත්‍රස්තවාදය, යුද්ධය හෝ ඔත්තු බැලීම වැනි තර්ජනවලට එරෙහිව ජාතියක ආරක්ෂාවයි) “The protection or the safety of a country’s secrets and its citizens from threats such as war or attacks by other countries- Cambridge Dictionary” (“යුද්ධය හෝ වෙනත් රටවල ප්‍රහාර වැනි තර්ජන වලින් රටක රහස් සහ එහි පුරවැසියන්ගේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව වේ”) එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිස්චිත නිර්වචනයක් ලබා දී නොතිබුනද ඔවුන්ගේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රවේශය අනුව “The protection of the state’s sovereignty, territorial integrity, and the well-being of its people from external and internal threats, while upholding human rights and international law.” – United Nations (UN)” (“මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කරන අතරම රාජ්‍යයේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ එහි ජනතාවගේ යහපැවැත්ම බාහිර හා අභ්‍යන්තර තර්ජන වලින් ආරක්ෂා කිරීම.”) 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව https://www.parliament.lk/uploads/comreports/1582610584075624.pdf සහ කොවිඩ් වසංගතයට පසු පලවු වෙනත් ලේඛන වල https://www.cpalanka.org/wp-content/uploads/2024/08/Reimagining-National-Security-for-Sri-Lanka-Emphasising-both-Territorial-Integrity-and-Individual-Welfare-vFinal.pdf ජාතික ආරක්ෂාව සම්බන්ධව දක්වා ඇති ඉහත අදහස් සැලකිල්ලට ගැණීමේදී ජාතික ආරක්ෂාවට පුළුල් අර්ථයක් ලබා දී ඇත. එමෙන්ම, ChatGPT දක්වන අන්දමට “The Sri Lankan approach to national security has traditionally emphasized territorial integrity, political stability, counterterrorism, and economic security, while more recent policies also address food security, energy security, and environmental challenges.” (“ජාතික ආරක්ෂාව සඳහා වන ශ්‍රී ලාංකික ප්‍රවේශය සාම්ප්‍රදායිකව භෞමික අඛණ්ඩතාව, දේශපාලන ස්ථාවරත්වය, ත්‍රස්තවාදය පිටුදැකීම සහ ආර්ථික ආරක්ෂාව අවධාරණය කර ඇති අතර, වඩාත් මෑතකාලීන ප්‍රතිපත්ති ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව සහ පාරිසරික අභියෝගවලට ද අවධානය යොමු කරයි.”)
මේ සියල්ල විමසා බැලීමේදී ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය රටේ ජාතික ආරක්ෂාවට කරන බලපෑම කුමක්ද යන්න නොතේරේ. අවිගත් මත් කුඩු වෙළඳුන් අතර ඇතිවන ගැටුමක ප්‍රතිඵලයක් හැටියට ඔහු ඝාතනය වූ බව සියල්ලෝම දනී. ඝාතකයන්, සැලැසුම් කරුවන් සහ වෙනත් සැකකරුවන් රාශීයක් මේ වන විටත් පොලිස් අතඩංගුවේ පසුවෙති. අධිකරණ කටයුතුද මේ වන විට ආරම්භ වී ඇත. මේවා මෙසේ නොවූවා නම් විපක්ෂ නායක කුමක් කියයිද? රජයේ මහජන ආරක්ෂාව භාර ආයතන මෙම ඝාතන වලක්වා ගැණීමට කටයුතු කලා නම් වඩා උචිතය. ඒ පිළිබඳව වෙනම කතා කල යුතුය. කෙසේ වෙතත්, රටේ තැන තැන සිදුවෙන හුදෙකලා ඝාතන සියල්ල පෞද්ගලික ආරාවුල්, මත්කුඩු හෝ වෙනත් හේතූන් මත වන ඒවා බවත් කොතෙක් දුරට එම සිදුවීම් රටේ ජාතික ආරක්ෂාවට බලපෑම් කරනවාද කියා තේරුම් ගැණීම විපක්ෂ නායකගෙන්ම දැනගත යුතුය.
විපක්ෂ නායකට ජාතික ආරක්ෂාව පිළිබඳ පාඩමක් කියාදීමට හැකි කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුවේ ආන්ඩු පක්ෂයේ සිටී. ඔවුන් නිශ්ෂබ්ධව සිටීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ටද ජාතික ආරක්ෂාව යනු කුමක්ද කියා පැටලී තිබෙන බවද? වහාම බංකුවයි පුටුවයි ගෙන වාඩි කරවා විපක්ෂනායක ප්රමුඛ නඩයට ජාතික ආරක්ෂාව පිළිබඳ මූලික සිද්ධාන්ත ටික වත් දැන්ම කියා නොදුන හොත් තවත් ටික කලකින් ආණ්ඩුවට විරුද්ධව මෙය ඔවුන් අවියක් කරවා නොගනීවි කියා ආණ්ඩුවේ ඇත්තෝ සිතන්නේ නම් කියන්නට ඇත්තේ “ප්‍රමාදය දුකට හේතුවේ” කියා පමණි.
ශාන්ත ජයරත්න©










