බීජ අර්තාපල් සහ අනෙකුත් උඩරට එළවළු ටොන් 300ක් පමණ ගබඩා කළ හැකි පරිදි අංග සම්පූර්ණ නවීන පහසුකම් සහිතව ඉදිකෙරණ ශීතාගාරයේ වැඩකටයුතු අවසන් අදියරට පැමිණ තිබෙව බවත් එහි වැඩකටයුතු මේ වනවිට 90%කින් පමණ අවසන් කර තිබෙන බවත් වාර්තා වේ.
යුරෝපා සංගමයේ සහාය යටතේ රජය මෙම ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි 16කි.
මෙම ශීතාගාරය ඉදිකිරීම තුළින් උඩරට අර්තාපල් සහ එළවලු අතිරික්ත කාලවලදී ගබඩා කිරීමේ පහසුකම් සැලසේ.
එමෙන්ම මිල වෙනස්වීම පාලනයටද මෙය සෘජු ලෙස දායක වන බව ගොවි ජනතාව පවසයි.
Views: 0










