පළාත් පාලන ඡන්දයට මුදල් වෙන්කරයි

පළාත් පාලන ඡන්දයට මුදල් වෙන්කරයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවද ජනාධිපති සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් කඩිනමින් දින නියම කරනු ඇතැයි තමන් විශ්වාසය කරන බවස ජනාධිපති සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ මල්වතු මහා වාහිරයේ නාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Facebook
Twitter
LinkedIn