ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වැඩි කරන්න සැලසුමක්

ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වැඩි කරන්න සැලසුමක්

ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුවී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව පැවසූවේ කොළඹ, නවලෝක රෝහල් නව ශ්‍රවණාගාරයේදී පැවති ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ 04 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට එක් වෙමිනි.

ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීම යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය සහ සම්පත් දායකත්වය නිරතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදෙන බවද ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මෙම වාර්ෂික අධ්‍යයන සැසිවාරයට බ්‍රිතාන්‍ය ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඉන්දියාවේ ස්නායු විද්‍යා සංගමය සහයෝගීතාවය ලබා දී ඇත.

මෙවර අධ්‍යයන සැසිවාරය පවත්වා ඇත්තේ ශල්‍ය වෛද්‍ය දැනුම සහ කුසලතා වැඩුමට ස්නායු ශල්‍ය වෛද්‍ය දිගහැරුම (Neurosurgery unleashed – carving pathways, crafting miracles) යන්න තේමා කර ගනිමිනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පුන්සිත් ගුණවර්ධන, ලේකම් විශේෂඥ වෛද්‍ය සාවස්කි පෙරේරා, ඉන්දියාවේ ස්නායු විද්‍යා සංගමය නියෝජනය කරමින් මහාචාර්ය මානස් පානි ග්‍රාහි (Prof, Manas Pani Grahi), බ්‍රිතාන්‍ය ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් මහාචාර්ය පීටර් හචන්සන් (Prof, Peter Hachansan), ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn