ගණේමුල්ල සංජීව ඝාතනය: තවත් තිදෙනෙක් අත්අඩංගුවට…

ගණේමුල්ල සංජීව ඝාතනය: තවත් තිදෙනෙක් අත්අඩංගුවට…

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

ඒ අනුව මෙම ඝාතනය සඳහා යොදා ගත් ගිනිඅවිය සන්තකයේ තබා ගෙන අපරාධයට පෙර දින වෙඩික්කරුවට ලැබීමට සැලැස්වීම සම්බන්ධව ගම්පහ මල්වත්ත පාර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි දමිදු ලක්ෂාන් නම් 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තවද අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයකට ආධාර අනුබල දීම යටතේ දමිත් අංජන නයනජිත් නම් 25 හැවිරිදි තරුණයෙකු සහ චමෝද් ගිම්හාන නම් අස්ගිරිවල්පොල, උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඒ අනුව සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව මේ දක්වා පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසු වේ.

Facebook
Twitter
LinkedIn