විමර්ෂණ අඩපණ කිරීමට උත්සාහ කරන කණ්ඩායම්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රයාත්මක කරනවා – සම්පත් තුයියකොන්තා

විමර්ෂණ අඩපණ කිරීමට උත්සාහ කරන කණ්ඩායම්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රයාත්මක කරනවා – සම්පත් තුයියකොන්තා

ශ්‍රී ලංකා රජය මෙරටතුළ අපරාධ මැඩලීම් සාර්ථකව සිදුකරගෙන යාමේදී, ඊට එරෙහිව ඇතැම් පාතාල කණ්ඩායම් ක්‍රිියාත්මක වන බවත්, විමර්ෂණ අඩපණ කිරීමට ඇතැම්කණ්ඩායම් උත්සාහ කරන බවත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රයාත්මක කරන බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා.

“අතීතයේදී දේශපාලන රැකවරණය සමඟින් පාතාලය පෝෂණයවීමේ ප්‍රතිඵල අද අපි දකිනවා. නමුත් අද ඒ සඳහා කිසිදු දේශපාලන රැකවරණයක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම එවැනි පාතාල කණ්ඩායම්වලට එරෙහිව අද කඩිනමින් නීතිය ක්‍රියාත්මක වෙනවා. එම නිසා පාතාල කල්ලි අතර තිබෙන ගැටුම් මෙලෙස එළියට එනවා.”

මේ වනවිට නීති විරෝධී ගිනි අවි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විගනණයක් ආරම්භ කර අතැයිද ආරක්ෂක ලේකම් පවසයි. මෙම රජය යටතේ අනීතික අවි ගනුදෙනු කිසිවක් සිදුනොවන බවද ඔහු පවසයි.

“නීති විරෝධී ගිනි අවි සම්බන්ධයෙන් වූ විගණනය මේ වනවිට ආරම්භ කර තිබෙනවා. හමුදා තුනෙහිම මෙම විගණනය සිදුකරනවා. බොහෝ පුද්ගලයින් නීතිවිරෝධී ගිනිඅවි රජයට භාර දී තිබෙනවා. ගිනි අවි 48ක් මේ වනවිට ලැබී තිබෙනවා. මෙම බොහොමයක් ගිනිඅවි පසුගිය වකවානු තුළ ලබාදුන් ගිනිඅවි. මෙම රජය යටතේ අනීතික අවිගනු දෙනු කිසිවක් සිදුවන්නේ නැහැ.”

අවි පුහුණුව ලබා හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට සේවය හැරයන පුද්ගලයින් බොහෝ පිරිසක් පාතාල ක්‍රියකාරීන් සමග සම්බන්ධවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට තිබෙවන බවත් ආර්ථික අපහසුතා හා මත්කුඩුවලට ඇබ්බැහිවීම වැනි හේතූන් මත අපරාධකරුවන් සමග සම්බන්ධතා පවත්වන සෙබළුන් සිටින බවට තොරතුරු වාර්තා වී අති බවත් එම සෙබළුන් හඳුනාගෙන ඔවුන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කරයි.

ආරක්ෂක ලේකම් වශයෙන් බුද්ධි තොරතුරු මාර්ගයෙන් මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් කටයුතු කරන බවද ඔහු පවසයි.

“ඉදිරිියේදී මෙවැනි පාතාල ක්‍රියාකාරම් කිසිවක් සිදුවීමට ඉඩ තබන්නේ නැහැ. මෙවැනි ක්‍රියාකාරකම්වලින් තොර රටක් නිර්මාණය කිරීමට අප කටයුතු කරගෙන යනවා. මෙම වකවානුවේදී කිසිදු දේශපාලන රැකවරණයක් මෙම පාතාල කල්ලිවලට ලැබෙන්නේ නැහැ.” යැයිද ඔහු සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn