ගණේමුල්ල සංජීව ඝාතනය: තවත් දෙදෙනෙක් අත්අඩංගුවට… තවත් PC කෙනෙකුත් ඒ අතර…

ගණේමුල්ල සංජීව ඝාතනය: තවත් දෙදෙනෙක් අත්අඩංගුවට… තවත් PC කෙනෙකුත් ඒ අතර…

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් එක් සැකකරුවෙකු වෙඩි ප්‍රහාර එල්ල කළ සැකකරුව කඩුවෙල සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ප්‍රවාහනය කළ රියදුරු බව කියන දොන් ජනක උදය කුමාර නමැති අයෙක්ය.

අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකි.

මෙම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) ඉදිරිපත්කර ඇති අතර, එහිදී ඔවුන් මාර්තු 7වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 05 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශන පිළිබඳ වාර්තාවක්ද අද දින පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn