වන අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා කඩිනම් පියවර රැසක් ගැනීමට තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ගල්ඔය – හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසළ දී දුම්රියේ ගැටී වන අලි 06 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඊයේ (20) පැවති විශේෂ සාකච්ඡාවකදීය.
එහිදී වන අලි අනතුරු බහුල අදාළ ප්‍රදේශයේ දුම්රිය මග දෙපස වඩාත් දෘෂ්‍යමාන වන ලෙස හෙළිපෙහෙළි කිරීමටත්, ඩිජිටල් තාක්ෂණය ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීම පිළිබඳවත් වැඩි අවධානය යොමුවී ඇති බව සඳහන් වේ.
දුම්රියවල ආලෝක පද්ධති ඉදිරියට මෙන්ම දෙපසටත් විහිදෙන ලෙස සවිකිරීම සහ කහ ආලෝකය වෙනුවට සුදු පැහැති ආලෝකය භාවිත කිරීමටත් එම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති බව සඳහන් වේ.
එමෙන්ම නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් සංවේදක පද්ධිති ස්ථාපිත කිරීම ආදී ක්‍රියාමාර්ග රැසක් මෙහිදී තීරණය කර ඇත.










