මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනය: අරුණ ප්‍රියන්තට මාංචු අලෙවි කළ PC අත්අඩංගුවට

මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනය: අරුණ ප්‍රියන්තට මාංචු අලෙවි කළ PC අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයේ ඝාතනයට ලක්වූ විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා නමැත්තාට පොලිසිය භාවිතා කරන අත් විලංගු යුගලයක් ලබා දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති කොස්තාපල්, තංගල්ල පොලිසියට අනුයුක්තව තංගල්ල කොට්ඨාස රථවාහන අංශයේ සේවය කරන වීරකැටිය කැප්පෙටියාවේ පදිංචි 35 හැවිරිදි අයෙකි.

වෙඩි තබා ඝාතනය කල පුද්ගලයා වසර 20ක පමණ කාලයක සිට තම මිතුරෙකු බවත් ඔහුගේ ඉල්ලීම පිට පොලිස් නිළඇදුම් කොටස් අලෙවි කරන රථයෙන් එකක් රුපියල් 4,800ක මුදලකට අත් විලංගු දෙකක් මිළදී ගෙන ලබාදුන් බවට සැකකාර පොලිස් කොස්තාපල් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දී ඇත.

එම අත් විලංගු යුගල දෙක ඉකුත් 18දා රැගෙන යන ලෙස තමා මියගිය අයට පැවසූ බවත් තමා නිවසේ නොසිටියදී ඔහු එය රැගෙන ගොස් ඇති බවටත් සැකකාර පොලිස් කොස්තාපල් වැඩිදුරටත් පවසා තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා මිද්දෙණිය පොලිසියට බාරදී ඇත.

තංගල්ල කොට්ඨාස භාර ජෙය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්නගේ උපදෙස් පරිදි මිද්දෙණිය පොලිසිය සැකකරු ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Facebook
Twitter
LinkedIn