කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් තව දින 05කින් ඇරඹෙයි

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් තව දින 05කින් ඇරඹෙයි

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා වනවිට ආරම්භ කරන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, එම පර්යන්තයට බහාලුම් ප්‍රවාහන නෞකාවක් ළඟා වීමට නියමිත යැයි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත් රුවන් කොඩිතුවක්කු සඳහන් කරයි.

වසරකට බහාලුම් මිලියන 2.7ක් බටහිර පර්යන්තය හරහා මෙහෙයුම් කළ හැකි බව නියෝජ්‍ය ඇමති වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn