ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ මංගල අයවැය ලේඛනයට යොදා ගත් මූලික පදනම සැලසුම් සහගතව අත්හැර දමමින් විපක්ෂය විසින් ඉදිරිපත් කරන විවිධ නොමග යවන සුළු කරුණු පිළිබඳව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
විශේෂයෙන් ම, “අයවැය යනු ඉදිරි වසර සඳහා වන ආදායම් සහ වියදම් යෝජනා මාලාවක් පමණක් නොවේ. එය ආර්ථිකය නගා සිටුවීමේ සහ සමස්ත ප්රතිපත්ති සම්බන්ධයෙන් රජයේ ප්රවේශය පිළිබඳව පිළිබිඹුවක්” යනුවෙන් 2025 අයවැයෙහි මූලධර්ම තුනක් පෙන්වා දී ඇත. එහෙත් එම මූලධර්ම පිළිබඳව පසුගිය දින කිහිපය තුළ විපක්ෂය කිසිම අවධානයක් යොමු නොකර සිටීම පිළිබඳව එම විශ්ලේෂකයන් කරුණු දක්වා තිබේ.
අයවැය සම්බන්ධයෙන් ඇතැම් දත්ත පවා ජනතාව නොමඟ යැවීම සඳහා පාර්ලිමේන්තුවේ යොදා ගනු ලැබීය. විශේෂයෙන් ම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නොමඟ යැවීමේ ප්රකාශ පිළිබඳව විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.










