අපරාධ කල්ලි පිටුපස දේශපාලඥයන් භීතියට පත්වෙයි

අපරාධ කල්ලි පිටුපස දේශපාලඥයන් භීතියට පත්වෙයි

ඊයේ (19) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තැබීමෙන් මාකිලංගමුවේ සංජීව හෙවත් ගනේමුල්ලේ සංජීව ඝාතනය කළ අපරාධකරුවන් පැය කිහිපයක් තුළ අත්තඩංගුවට ගැනීමත් සමඟ පාතාලයට සම්බන්ධ දේශපාලන කල්ලි භීතියට පත්වී ඇති බව වාර්තා වේ.

පසුගිය දිනවල පොලිසිය තුළ සිදු කරන ලද දැවැන්ත ව්‍යූහාත්මක වෙනස්කම් මගින් මෙරට තුළ ක්‍රියාත්මක විවිධ අපරාධ මැඩ පැවැත්වීම සඳහා සැලසුම් සහගතව ක්‍රියාමාර්ග දියත් කරමින් සිටියදී එම ඝාතනය සිදු කරනු ලැබීය. සාක්ෂි වසන් කිරීම මෙන් ම, මේ වනවිට ක්‍රියාත්මක කිරීමට මුලපුරා ඇති දැවැන්ත මෙහෙයුම් සම්බන්ධයෙන් ජනතාව තුළ අවිශ්වාසයක් ඇති කිරීම සඳහා එම ඝාතනය සිදුකර ඇති බවට දේශපාලන සහ අපරාධ විශ්ලේෂකයන් කරුණු දක්වා තිබේ.

මේ වනවිට ජාතික ආරක්ෂාව මුල් කර ගනිමින් විපක්ෂයේ ඇතැම් පිරිස් ඝාතනය සිදු වූ සැනින් ජනතාව තුළ භිතියක් නිර්මාණය කිරීමේ දැඩි උත්සාහයක් දැරුව ද පැය කිහිපයක් තුළ ඝාතනයේ ප්‍රධාන සැකකරු සහ ඔහුට අනුබල දුන් කාන්තාව යන දෙදෙනාම අත්තඩංගුවට ගැනීම පොලිසියේ කාර්යක්ෂමතාවය පිළිබඳව තහවුරුවන්නක් වන බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

ඊයේ දිනය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ එම ඝාතනය සම්බන්ධයෙන් විවිධ අතිශෝක්තියෙන් යුත් ප්‍රචාර බෙදා හැරීමට විශේෂයෙන් සංවිධානාත්මක පිරිසක් ගෙන ගිය උත්සාහය සම්පූර්ණයෙන් ම පරාජය වී ඇති අතර ඇතැම් පාතාල කණ්ඩායම් සමඟ රාජපක්ෂ පවුලට ඇති සම්බන්ධය යළිත් වටයකින් ඍජුව ම කරලියට පැමිණ තිබිණි.

හිටපු ජනාධිපතිගේ පුත් නාමල් රාජපක්ෂ ආරක්ෂාව සපයන ජුලම්පිටියේ අමරේ
Facebook
Twitter
LinkedIn