පාර්ලිමේන්තුව හදිසියේ රැස් කරයි

පාර්ලිමේන්තුව හදිසියේ රැස් කරයි

ලබන 14 වෙනි දින විශේෂ පාර්ලිමේන්තු සභාවාරයක් පැවැත්වීමට ඊයේ (10) රැස්වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය කතානායකවරයාට දැන්වීමෙන් පසුව මෙම විශේෂ සභාවාරය පැවැත්වීමට තීරණය කර ඇත.

ලබන 14 වෙනි දින පෙරවරු 9.30ට සභාව රැස් කරන අතර ස්ථාවර නියෝග 16 අනුව එම විශේෂ සභාවාරය පැවැත්වේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත දෙවැනි වර කියවීම 17 වෙනි දින සිදුකරන බව ද නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn