බදු පොලු තැබූ සමාගම්වලට නඩු

බදු පොලු තැබූ සමාගම්වලට නඩු

රජයට ගෙවිය යුතු බදු මුදල් නිසි පරිදි නොගෙවූ පෞද්ගලික සමාගම් 6කට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ මස 08 වෙනි දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා ඇත.

මෙසේ නඩු පවරා ඇත්තේ 2024 වර්ෂයේ ජනවාරි 01 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනි දින දක්වා රජයට ගෙවිය යුතු රුපියල් 469,419,377ක් වූ බදු මුදල් පැහැර හැරීමට එරෙහිව ය. වාහන ගෙන්වන සමාගමක්, කර්මාන්ත ශාලාවක්, වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක් මෙන් ම, එලවලු අපනයනය කරන සමාගමක් ද ඇතුළු සමාගම් 6කට එරෙහිව මෙසේ නඩු පවරා ඇත.

Facebook
Twitter
LinkedIn