පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් 820,000කට අධික පිරිසක් වෙනුවෙන් තවත් විශේෂ සහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මේ අනුව, රුපියල් 3,000ක දීමනාවක් සඳහා වලංගු තිළින පත් ලබාදීමට නියමිත ය. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ මේ සම්බන්ධ යෝජනාවට අනුමැතිය ලබා දී තිබේ. මේ අනුව පාසල් සිසුන් 790,000ක්, පිරිවෙන් ගිහි පැවිදි සිසු සිසුවියන් 30,000ක් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 2,300ක් වෙනුවෙන් මෙලෙස පාවහන් මිලදී ගැනීම සඳහා තිළිනපත් ලබාදීමට සැලසුම් කර ඇත.
ඊට අමතරව, දිවයිනේ සියළු ප්‍රදේශ ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් දිවා ආහාර ලබා දීමේ වැඩ සටහන ද ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති අතර ඒ යටතේ සිසුන් ලක්ෂ 15කට පමණ ආහාර වේලක් පිරිනැමේ.










