නව ගුවන් හමුදාපතිවරයා එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ

නව ගුවන් හමුදාපතිවරයා එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ පත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) භාර දී ඇත.

ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ ඉතිහාසයට එක් වේ.

එළැඹෙන ජනවාරි 29 වන දා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ ලබන 29 වන දා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.

එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම, රණ සූර යන පදක්කම්වලින්ද උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්