අපරාධ මඬින්න පුළුල් මෙහෙයුමක් !

අපරාධ මඬින්න පුළුල් මෙහෙයුමක් !

දිවයින පුරා සිදු කෙරෙන සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ 400ක් යොදවන බව මහජන ආරක්‍ෂක ඇමැති, ආනන්ද විජේපාල ජනමාධ්‍යවලට ප්‍රකාශ කර ඇත.

අපරාධ වැඩි වශයෙන් පවතින ප්‍රදේශ හඳුනාගෙන පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන් යොදවන බව වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. පසුගිය කාලයේ සිටි මැති, ඇමැතිවරුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් බව කියමින්, අසීමිත ලෙස යොදවා සිටි පොලිස් නිලධාරීන් එම ප්‍රභූ ආරක්‍ෂක කටයුතුවලින් ඉවත් කිරීම නිසා අපරාධ මැඬීම සඳහා මේ ආකාරයට අලුතින් මෙහෙයුම් සිදු කිරීමට අවස්ථාව ලැබී ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn