මහින්දට ඩේසි ආච්චි හීනෙන් රහසක් කියලා !

මහින්දට ඩේසි ආච්චි හීනෙන් රහසක් කියලා !

හිටපු ජනාධිපතිවරයකු වන මහින්ද රාජපක්‍ෂ මේ දක්වා රුපියල් ලක්‍ෂ හතළිස්හයක මාසික කුළියක් වැය වන නිවසක් පරිහරණය කිරීම සහ අසීමිත ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් රඳවාගෙන සිටීම විධිමත් කර ගැනීම සම්බන්ධයෙන් නොයෙක් ප්‍රචාර ගෙන යමින් සිටී.

මහින්ද රාජපක්‍ෂ ඒ සම්බන්ධයෙන් සෘජුව ම මැදිහත් වී ‘දේශය’ පුවත් පතට ප්‍රකාශ කර ඇත්තේ, දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමක් ඉටු කරමින්, මෙම නිල නිවස සහ අසීමිත ආරක්‍ෂක පිරිස ඉවත් කර ඇති බවයි. ඔහුගේ එම ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමින්, බොහෝ පිරිසක් විසින් පළ කර තිබුණේ, ඔහු සඳහන් කරන ඩයස්පෝරා ඉල්ලීම පිළිබඳව විස්තර ඩේසි ආච්චි හීනෙන් ඇවිත්, මහින්ද රාජපක්‍ෂට ප්‍රකාශ කර ඇති බව ය.

රුපියල් කෝටි තිස්හතරක් වටිනා දේපළක් යෝෂිත රාජපක්‍ෂ විසින් රත්මලාන ප්‍රදේශයෙන් මිල දී ගෙන තිබීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවක ඔහු විසින් ප්‍රකාශ කර තිබුණේ, තමන්ගේ ඩේසි ආච්චිට නාඳුනන පුද්ගලයකු විසින් ලබා දෙන ලද මැණික් මල්ලක් විකිණීමෙන් ලද මුදලින් එම දේපළ මිල දී ගත් බව ය.

Facebook
Twitter
LinkedIn