රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ ඔහුගේ ප්‍රචාරක ව්‍යාපෘතියක් ලෙස එවකට ඇමැති හරීන් ප්‍රනාන්දු දියත් කර තිබූ ‘ස්මාර්ට් යූත්’ වැඩසටහන වෙනුවෙන් රුපියල් ලක්‍ෂ හැටඑකක් ආහාර පාන වෙනුවෙන් මහජන මුදල් වැය කර තිබේ.
මේ බව පසුගිය ජනවාරි මස 06 වැනි දින විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවකින් හෙළි කර තිබේ. 2024 අප්‍රේල් මස සිට අගෝස්තු දක්වා රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට නීති විරෝධී ආකාරයෙන් මෙම මුදල් වියදම් කර තිබිණි.
එමෙන් ම පිළිගත හැකි මූලාශ්‍ර හෙළි නොකර රුපියල් 24,19,000.00ක් ‘වෙනත් වියදම්’ යනුවෙන් වියදම් කර තිබේ. ඊට අමතරව රුපියල් 33,81,000.ක ඉන්ධන වියදම් ද දරා තිබේ. මේ ආකාරයට ‘ස්මාර්ට් යූත්’ යනුවෙන් නම් කළ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් තිස්නවකෝටිඅසූදෙලක්‍ෂපනස්දහසක (රු.39,82,50,000.00)ක සමස්ත වියදමක් දරා ඇති බව එම විගණන වාර්තාවෙන් හෙළි කර තිබේ.










