ගොන්, මෝඩ, තකතිරු වැඩ – රනිල්ගේ ප්‍රබලයෙක් කෙළින් ම කියයි 

ගොන්, මෝඩ, තකතිරු වැඩ – රනිල්ගේ ප්‍රබලයෙක් කෙළින් ම කියයි 

රනිල් වික්‍රමසිංහගේ හිටපු උපදේශකයකු මෙන් ම සමීපතම දේශපාලන ක්‍රියාකරුවකු වූ ආශු මාරසිංහ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින්, පාර්ලිමේන්තුවෙන් පිට පාර්ලිමේන්තුවක් පිහිටු වීම ගොන්, මෝඩ, තකතිරු වැඩක් බව අවධාරණය කරයි.

හිටපු මැති, ඇමැතිවරුන් පක්‍ෂ භේදයකින් තොරව යොදා ගනිමින්, පාර්ලිමේන්තුවෙන් පිටත පාර්ලිමේන්තුවක් පිහිටුවන බව රනිල් වික්‍රමසිංහ මේ වන විට ප්‍රචාරය කර ඇත. ඒ සඳහා දැනටමත් 450 දෙනකු සමඟ සාකච්ඡා කර ඇතැයි මාධ්‍යවලට ප්‍රකාශ කර තිබිණි.

සමඟි ජන බලවේගය සමඟ එක්සත් ජාතික පක්‍ෂය යළි ඒකාබද්ධ කිරීම සඳහා තලතා අතුකෝරලගේ මෙහෙයැවීමෙන් ගෙන යන ක්‍රියාමාර්ග ද අසාර්ථක වී ඇති පසුබිමක එළියේ පාර්ලිමේන්තුව වෙනුවෙන් 225ක් පත් කර ගන්නා බව ප්‍රචාරය කර තිබේ.

Facebook
Twitter
LinkedIn