එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නවීන් දිසානායක පසුගියදා මීරිගම මිණීඔළුව බප/මිනු ශ්රී විද්යාවාස මහ පරිවෙන වෙත ගොස් එහි නායක හිමිපානන් බැහැදැක කරුණු සාකච්ඡා කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වීමට යාම පිළිබඳවත් එයට ඇති බාධා පිබඳවත් එහිදී සාකච්ඡා කර ඇත.
විශේෂයෙන්ම එහිදී වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ක්රියා කලාපය පිළිබඳව යම් විවේචනාත්මක ස්වභාවකින් කරුණු ඉදිරිපත් කිරීමේදී ඊට ප්රතිචාර දක්වමින් එම හිමියො අනුශාසනා කර සිටියේ ආණ්ඩුවට අඩුම අවුරුද්දක හෝ කාලයක ලබා දියයුතු යැයි අවධාරණය කරමිනි. එමෙන්ම පැවති රජයන් විසින් වී ගබඩා නිසි ආකාරයෙන් නඩත්තු කරමින් පවත්වාගෙන නොයෑමේ ප්රතිවිපාකද පෙන්වා දෙනලදී.
එහිදී හිටපු මන්ත්රී නවීන් දිසානායක සහ එම හිමිපානන් අතර ඇති වූ අදහස් හුවමාරුව අදාළ කොටස පහතින් දැක්වේ,
නවීන් දිසානායක – එක පැත්තකින් හොඳ දේවල් තියෙනවා. හැබැයි අර මිනිස්සුන්ට සහන දෙන එක තමයි තවම වෙලා නැත්තේ. මම කියන්නේ ජීවන බරයි, බදු බරයි, ඒ ටික එහෙම්ම තියෙනවා.
හාමුදුරුවෝ – කවුරුත් ඉතිං ඉවසිල්ලෙන් ඉන්න වෙනවා ඉතිං නේද? අවුරුද්දක් විතර ඉතිං බලන්න වෙනවා නේද? කාට වුනත් ඉතිං අමාරුයිනේ ?
නවීන් දිසානායක – අපිට ඉතිං මාස 04කින් නිගමණයකට එන්න බැහැ. මමත් හිතන්නේ ස්වාමින් වහන්සේ හිතන දේම තමයි. අවුරුද්දක්වත් අපි බලන්න ඕනේ කොයි පැත්තටද යන්නේ කියලා.
හාමුදුරුවෝ – මොන ප්රශ්න තිබුණත් කලක් යයි ඉතිං. ගොවිතැන් බත් කරලා එන්න ඉතිං මාස තුන හතරක් යන්න එැපැයි. නේද?
නවීන් දිසානායක – සමහර තැන්වල ප්රශ්න තියෙනවා. සහල් ප්රශන්නෙ එහෙම…
හාමුදුරුවෝ – ඔව් ඉතිං ගබඩා අරව මේවා වහලා තියෙන ඒවා ටිකක් ඇරලා, රජයේ වී ගන්න එවා කලට වෙලාවට අරගෙන, කාගෙනුත් ඒව නොකෙරෙච්ච එක තමයි අවුල. කොයි කාලේ වුනත් ඉතිං ඒවා රජයෙන් ගත්තේ නැති නිසා පෞද්ගලික අය ගන්නවා.
නවීන් දිසානායක – අපි බලන්න ඕන ඊලඟ අයවැයෙන් සහන දෙනවද නැද්ද කියලා.
හාමුදුරුවෝ – ඔව් ඉතිං ඒ අය කියනවනේ දෙනවයි කියලා. නේද? වැටුප් වැඩිවුනාට ප්රශ්නයක් නැහැ. සාමාන්ය ජනතාව ගැන හිතන්න එපැයි. අතට මොකක්වත් නැති පරිසක් ඉන්නවා. ඒ අයටයි දැන් මොකක්හරි ලැබෙන්න ඕනා.










