රුසියානු ගෑස් සැපයුම නතරවීමෙන් යුරෝපා සංගමයට චෝදනා!

රුසියානු ගෑස් සැපයුම නතරවීමෙන් යුරෝපා සංගමයට චෝදනා!

යුක්රේනය සහ රුසියාව අතර 2019 දී දෙරට අතර අත්සන් කරන ලද ගෑස් ගිවිසුම මෙම 2024 වසරේ අවසාන වීමෙන් පසු රුසියානු ගෑස් මත යැපෙන බොහෝ යුරෝපීය රටවල් දැවැන්ත අර්බුධයකට මුහුණ දෙමින් තිබෙන බව ජාත්‍යන්තර මුල්‍ය සමාගම් අනතුරු හඟවමින් කියා සිටි. මේ නිසා ස්ලොවේකියාව, හංගේරියාව, මොල්දියාව, හා චෙක් ජනරජය, ඉතාලිය හා ඔස්ට්‍රියාව ඇතුළු යුරෝපා රටවලට වෙනත් බලශක්ති ප්‍රභවයන් සොයා ගැනීමට සිදු වී ඇත. ස්ලොවේකියාව, හංගේරියාව හා ඔස්ට්‍රියාවේ නව ජාතිවාදී පාලනය ගෑස් ප්‍රවාහනය අර්බුධය නිසා යුරෝපා සංගමයට ඍජුවම චෝදනා කරමින් සිටි. මෙම තත්වය හේතුවෙන් ගෑස් මත පදනම් වූ ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොලේ කොටස් වල අනාගතය පිළිබඳව ද ඒ හා බැඳුනු බැංකු පද්ධති ද අවිනිශ්චිත තත්වයකට පත් කරන සංකීර්ණ තත්වයක් උදා වී ඇතැයි ආර්ථික විශේෂඥයයින් ද අනතුරු හඟවයි.

2019 දී, කියෙව් සහ මොස්කව් පාලනයන් යුක්රේනය හරහා යුරෝපය දෙසට රුසියානු ගෑස් සංසරණයට දිගටම ඉඩ සලසන ගිවිසුමකට – දුෂ්කරතාවයකින් තොරව එකඟ විය. රුසියානු Gazprom සමාගම සමඟ අත්සන් කරන ලද මෙම ගිවිසුම 2024 අවසානයේ අවසන් විය. කෙසේ වෙතත්, මෙම කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට රටවල් දෙකම ප්‍රතික්‍ෂේප කරන ලදී. ඇමරිකාව විසින් දිගු දුර මිසයිල ලබා දුන්නද යුධ පිටියේ මේ වනවිට අසීරු තත්වයකට මුහුණ දී සිටින යුක්රේනය තවදුරටත් රුසියානු ගෑස් එරට හරහා පවතින නල මාර්ග හරහා සංසරණය වීමට විරෝධය පල කරනුයේ තමනට ලැබෙන ප්‍රතිපාදන ද අමතක කරමිනි.

රුසියාව විසින් සෑම වසරකම යුරෝ බිලියන 2.74ක් යුරෝපයට ගෑස් අපනයනයෙන් උපයන අතර එහිදී ගෑස් තම භූමිය මගින් සිදු කරන අයකරනු ලබන සංක්‍රමණ බදු මගින් යුක්රේනය වෙත ද යුරෝ මිලියන 700ත් 800ත් ඩොලර් බිලියන 1ක් (මෙය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5% ලෙස ගණන් බලා ඇත)අතර ආදාමයක් උපයා ගැනීමට හැකිවේ. මීට පෙර රුසියාව විසින් ගෑස් යුරෝපයට ලබා දීමට බෝල්ටික් මුහුද හරහා ගොඩනැගූ නව NORD STREAM නලය යුක්රේනය හා CIA සංවිධානය විසින් 2022 දී විනාශ කල බවට ඇමරිකානු WALL STREET පුවත්පත ද පසු ගිය දා හෙළි කර සිටියේය. මේ අනුව යුක්රේන-රුසියානු අර්බුධය බලශක්ති අර්බුධයක් යන්න තවදුරටත් සනාථ වනුයේ යුක්රේන-රුසියානු ගිවිසුම ගිය වසරේ අවසාන වීමත් සමගය. නමුත් මෙම ගැටුම නිසා සිදුවුණු මිනිස් සංහාරය දෙරට විසින්ම අව තක්සේරු කිරීම තුල යුද්ධයට විසඳුමක් ද තවමත් යෝජනා වී නැත.

කෙසේ වෙතත් මෙම යුක්රේන-රුසියානු තීරණය ශීත ඍතුව තවමත් අවසන් නොවීම නිසා බලශක්ති විශේෂඥයන් හා තෙල් හා ගෑස් සම්බන්ධ කොටස් මුල්‍ය වෙළඳපල පවා තිගැස්මකට ලක් කර ඇත. මේ නිසා මෝල්ඩාවේ බලධාරීන් ට්‍රාන්ස්නිස්ට්‍රියාවේ රුසියානු ගැති කලාපයේ “කඩා වැටීමක්” ගැන පවා කතා කරයි. ඉන් අනතුරුව දෙසැම්බර් 16 වන දින සිට එරට විසින් බලශක්ති හදිසි තත්වයක් පවා ප්‍රකාශයට පත් කරනු ලැබිණි. මොල්ඩාව මේ වන විට යුරෝපා සංගමය සමග සිටින අතර එහි රුසියානු සුළුතරයක් ජිවත්වන ට්‍රාන්ස්නිස්ට්‍රියාවේ රුසියානු හමුදා ද රඳවා තිබේ. මේ වනවිට මොල්දාවේ සියළුම කාර්මික ආයතන වසා දමා ඇති අතර රටේ විදුලි බලයද ඇණහිට ඇත.

මෙම රුසියානු බල ශක්තියෙන් සම්පූර්ණයෙන්ම මිදීමට යුරෝපා සංගමයේ දැඩි කැමැත්තක් තිබුනද මෙම කොරිඩෝව හංගේරියාව, ඔස්ට්‍රියාව, ඉතාලිය සහ ස්ලෝවැකියාවට හා යුරෝපීය සංගමයෙන් (EU) පිටත මෝල්ඩෝවා වෙත ගෑස් අඛණ්ඩව ලබා දුන්නේය. යුරෝපීය කොමිසමට අනුව රුසියානු බලශක්තිය තවමත් යුරෝපා සංගමයේ ඉහත සඳහන් රටවල් තුනේ ස්වභාවික ගෑස් අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක් පමණ ආවරණය කරයි.

නමුත් යුක්රේනය පවසන්නේ රුසියාව සමඟ ඇති ගෑස් සංක්‍රමණ ගිවිසුම මෙම වසර අවසානයේ කල් ඉකුත්වීමෙන් පසුව දීර්ඝ නොකිරීමට තීරණය කල බවයි. මේ නිසා රුසියානු හිතවත් රටවල් දෙකක් වන හංගේරියාව හා ස්ලොවේකියාව යුක්රේනයට විරෝධය පල කරමින් සිටි. යුක්රේනය පවසන්නේ තමන්ගේ කොන්ද මතින් රුසියාව ගෑස් විකුණා එම මුදල් වලින් ආයුධ නිෂ්පාදනය කරමින් තමන්ටම පහර දෙන බවයි. මෙය මිනිස් ජිවිත පිලිබඳ ප්‍රශ්ණයක් ලෙස හුවා දක්වමින් යුද්ධය ආරම්හ වී වසර තුනකට පසු සෙලන්ස්කි පවසා සිටීම විහිළුවක් බව ස්ලොවේකියාව මේ අතර පෙන්වා දේ.

මුල්‍ය මාධ්‍ය ආයතනයක් වන බ්ලූම්බර්ග්ට අනුව, මෙම තත්වය විශේෂයෙන් විශාල බැංකු මෙන්ම යුරෝපීය කොමිසම ද කනස්සල්ලට පත් කර ඇත. ඔවුන්ට අනුව යුරෝපා සංගමයේ බොහෝ සාමාජික රටවලට ඍජුව හා වක්‍රව රුසියානු ගෑස් මත සම්පූර්ණයෙන්ම රඳා පැවතීමට සිදු වී ඇති නිසා 2025 ජනවාරි 1 වනදා සිට, පිරිවැය වැඩි කිරීමේ අවදානමක් ඇති වෙනත් ශක්ති ප්‍රභේද වෙත හැරීමට ඔවුන්ට සිදු වී ඇත්තේ ජනතා විරෝධය මත වේ. යුරෝපයේ ගෑස් ආනයනයෙන් 15%ක් පමණ සපයනු ලබන්නේ තවමත් රුසියාව වන අතර, එයින් තුනෙන් එකක් පමණක් යුක්රේනය හරහා ගමන් කළද, තත්ත්වය යුරෝපයට කණගාටුදායකය. යථාර්ථය නම්, ගෑස් වෙළඳපොලේ අනාගතය පිළිබඳ උපකල්පන කිරීමට පහසු කිරීම සඳහා කොටස් වෙළඳ පල ගැනුම් කරුවන්ට හා වෙළඳුන් මේ වන විට අර්බුධය අවසන් කර ගන්න ලෙස අදාළ පාර්ශ්වයන්ට බල කරමින් සිටි.

මුල්‍ය බැංකු වන Goldman Sachs සහ HSBC බැංකු විසින් අවධාරණය කරනු ලබන්නේ මෙම අර්බුධය නිසා විශේෂයෙන් ආර්ථික වශයෙන් දුර්වල ස්ලෝවැකියාව වැනි රටවලට දැඩි හානියක් සිදු වී ඇත. මෑත සතිවල දී ස්ලොවේකියාව රුසියාවේ පවා සංචාරය කරමින් නව ගිවිසුමක් ඉල්ලා සිටින අතර එසේ නොවුන හොත් එරට සිදුවිය හැකි මූල්‍ය බලපෑම් පිළිබඳව අනතුරු අඟවන ලදී. එහිදී මෙම ප්‍රවාහයන්ගෙන් ප්‍රතිලාභ ලබන ඔස්ට්‍රියාව, චෙක් ජනරජය සහ ඉතාලිය වෙනත් සැපයුම්කරුවන් වෙත හැරිමෙන් කෙටි කාලීනව ගෑස් මිල වැඩි වනු ඇත. එසේම පසුගිය නොවැම්බර් 15 වැනිදා සිට රුසියාව විසින් ඕස්ට්‍රියාවට යුක්රේනය හරහා 1968 සිට සිදුකල ගෑස් විකිණීම නතර කරන ලද්දේ එරට තම ගෑස් ආනයනයෙන් 90%ක් රුසියානු ගෑස් මත යැපෙන තත්වයක් තුලය. එහෙත් ඊයේ ජනවාරි 7 වැනිදා එරට ඉතිහාසයේ බහුතර බලයක් සමග බලයට පැමිණි ඇති ප්‍රථම අන්ත දක්ෂිණාංශික ජාතිවාදී පාලනය රුසියන් ගැති ප්‍රවාහයක් නියෝජනය කරනු ලබන නිසා ඔවුන් වෙතින්ද යුරෝපා සංගමයට චෝදනා එල්ල වෙමින් පවතී.

කෙසේ වෙතත්, යුරෝපීය සංගමයේ විධායක මණ්ඩලය විසින් මෑතකදී කරන ලද තක්සේරුවකට අනුව, යුරෝපා මහාද්වීපයට දැනටමත් වෙනත් සැපයුම් මූලාශ්‍ර ඇති බැවින් සමස්ත බලපෑම අවම වනු ඇත. රුසියාව දැනට සෑම වසරකම යුක්රේනය හරහා යවන ගෑස් ඝන මීටර් බිලියන 15 යුරෝපයේ සමස්ත අවශ්‍යතාවලින් 5%කටත් වඩා අඩු ප්‍රමාණයක් නියෝජනය කරන බව ඔවුන් පවසයි. නමුත් ඇතැම් ආර්ථික විශේෂඥයයින් පෙන්වා දෙන්නේ එය 14%-20%ක් අතර ප්‍රමාණයක් බවයි. යුද්ධයට පෙර රුසියාව විසින් වසරකට යුරෝපා සංගමය වෙත ගෑස් ඝන මීටර් බිලියන 50ක් එනම් 40%ක් අපනයනය කරනු ලැබිණි. මෙම ගිවිසුම මගින් යුරෝපයට නල මාර්ගයෙන් ගෑස් සැපයීම තුලින් රුසියාවේ ගෑස් අපනයනයෙන් අඩක් ද නියෝජනය කරන බවට යුරෝපා සංගමයේ අදහසයි.

“මිල වැඩිවීම සැලකිය යුතු වනු ඇත්තේ නව වසර ආරම්භයේ දින කිහිපයකට පමණි, වෙළඳපල නව සාමාන්‍ය තත්වයට අනුවර්තනය වීමට සහ මිල නැවත ස්ථාවර වීමට පෙර” එවැනි තත්වයක් සාමාන්‍ය තත්වයක් යයි යුරෝපා සංගමයේ Rabobank හි බලශක්ති උපායමාර්ගික අධ්‍යක්ෂිකා Florence Schmit පවසා සිටි. කෙසේවෙතත් තවත් මාස තුනකින් යුරෝපයට වසන්තය උදාවීමත් සමග නැවතත් ගෑස් අවශ්‍ය වනුයේ සීත ඍතුවේදී වුවත් තවදුරටත් ඔවුන්ගේ එදිනෙදා කටයුතු සඳහා ගෑස් අවශ්‍ය වේ. මේ නිසා මෙම වසරේ අග භාගය වන විට ගෑස් මිල දෙගුණ වීමට ඉඩ ඇති බව මුල්‍ය සමාගම් පෙන්වා දේ.

කෙසේ වෙතත් මුල්‍ය වෙළඳුන් ගෑස් මිලෙහි උච්චාවචනයන් මත තම කොටස් විකිණීම හා මිලදී ගැනීම දිගටම කරගෙන යයි. ජනවාරි 20 දා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියෙන් පසු නව සාම ගිවිසුමක් ඇති විය හැකි බව සමහරුන් විශ්වාසය පල කරති. යුක්රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡා ආරම්භ කිරීමට කැමති බව ට්‍රම්ප් තම මැතිවරණ ව්‍යාපාරය පුරාවටම තහවුරු කර ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපදය ද යුරෝපයේ ප්‍රධාන ගෑස් සැපයුම්කරුවෙකු වන අතර එම නිසා කලාපය තුළ තමන්ගේම වූ වෙළඳ හා ආර්ථික අභිලාෂයන් ද ඇමරිකාවට ඇත. 2022 සිට ඇමරිකාව විසින් ගෑස්‌ (GNL)වර්ග ඝන මීටර් බිලියන 12.2ක් යුරෝපයට අපනයනය කර ඇත. එහිදී නොර්වේ රාජ්‍යය වර්ග ඝන මීටර් බිලියන 23.9ක් මගින් අමතර ආදායමක් ලබා ගෙන ඇත. යුරෝපයට රුසියානු ගෑස් ආනයනයෙන් මිදීම එතරම් පහසු කටයුත්තක් නොවන්නේ රුසියාව විසින් වසරකට වර්ග ඝන මිටර් බිලියන 12.8 තවමත් ලබා දෙන්නේ රුසියානු GAZPROM හා NOVA TECH ආයතනයන් නිසාවෙනි.

එහෙත් යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ “අපි ඔවුන්ට අපේ හිස මතින් අමතර බිලියන ගණනක් උපයා ගැනීමට ඉඩ නොදෙන බවයි. රුසියාවෙන් ලාභදායී යමක් ලබා ගත හැකි ලෝකයේ ඕනෑම රටක් අවසානයේ රුසියාව මත රඳා පැවතීමට සිදුවීම ඛේදවාචකයක් බවත් තවදුරටත් රුසියානු ගෑස් සංක්‍රමණයට තවදුරටත් ඉඩ නොදෙන බව බ්‍රසල්ස් හි යුරෝපා සංගම් නායකයින් හමුවීමෙන් පසු යුක්රේන ජනාධිපති Zelensky යලි නිවේදනය කළේ ස්ලොවේකියානු අගමැතිවරයාද තරයේ විවේචනය කරමිනි.

අසර්බයිජානයේ නිපදවන ගෑස් මුවාවෙන් යුරෝපයට රුසියානු ගෑස් විකුණනු දැකීමේ අවදානම වළක්වා ගැනීම සඳහා “රුසියාවෙන්” ඕනෑම ගෑස් ප්‍රවාහයකට මෙම තහනම අදාළ වන බවත් අපි රුසියානු ගෑස් සංක්‍රමණය පුළුල් කිරීමට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් යුද්ධය අවසාන වන තුරු රුසියාවට මුදල් නොගෙවන බවට යන කොන්දේසිය මත ඒ සඳහා ඉඩ දීමට සුදානම් බව සෙලෙන්ස්කි යලි යලිත් අවධාරණය කර කියා සිටි. එහෙත් රුසියාව එය ප්‍රතික්‍ෂේප කරනු ලබයි.

මෙම ප්‍රකාශය රුසියානු ගෑස් නල මාර්ගය මත බෙහෙවින් රඳා පවතින ගොඩබිම් සහිත රටක් වන ස්ලෝවැකියාවේ අගමැති රොබට් ෆිකෝ සතුටු කරන්නේ නැත. ස්ලෝවැකියාව එහි දේශීය ඉල්ලුමෙන් වැඩි කොටසක් ආවරණය කරමින් රුසියානු ගෑස් ඒකාධිකාරය වන Gazprom වෙතින් සෑම වසරකම ගෑස් කියුබ් ඝන මීටර් බිලියන තුනක් එරටට ආනයනය කරයි. ස්ලෝවැකියාවේ ප්‍රධාන ගෑස් ගැනුම්කරු වන SPP සමාගම අනතුරු අඟවා ඇත්තේ තීරුබදු වැඩිවීම හේතුවෙන් නැගෙනහිරින් සැපයුම් අහිමි වීම නිසා තුර්කිය හරහා ගෑස් ගෙන එමෙන් හෝ විකල්ප ක්‍රම භාවිතයෙන් අමතර යුරෝ මිලියන 220ක් එරට ගෑස් ආනයනය සඳහා වැය වනු ඇති බවයි.

යුක්රේන ආක්‍රමණය ආරම්භයේ සිට යුරෝපීය සංගමයට නල මාර්ගයෙන් රුසියානු ගෑස් අපනයනය පහත වැටී ඇතත්, සම්බාධකවලින් තොර සමහර සැපයුම් අඛණ්ඩව ගලා යයි. අර්බුධයට විසඳුමක් ලෙස ස්ලෝවෙකියාවට අසර්බයිජානය වෙත යා හැකි අතර එය රුසියානු ගෑස් ප්‍රතිස්ථාපනය කිරීමට යුරෝපයට දැරිය හැකි විකල්පයක් ලෙස ස්ථානගත කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ රුසියාව “Azerbaijani gas” නමින් යුක්‍රේනයට ගෑස් සපයන අතර, Azerbaijan යටිතල පහසුකම් භාවිතා කරමින් “Russian gas” නමින් රුසියාවෙන් ගෑස් යුරෝපය මිලදී ගන්නා බව Think tank ආයතනයක් වන Bruegel පෙන්වා දේ. ඔවුන්ට අනුව ගෑස් සංක්‍රමණයේ වෙනසක් සිදු නොවනු ඇත. යුරෝපා සංගමයේ වෙළඳුන් රුසියාවෙන් ගෑස් අසර්බයිජානයෙන් ගෑස් ලෙස දිගටම මිලදී ගනු ඇත. ඒ අනුව යුක්රේනයෙන් ඍජුව පැමිණියත් අසර්බයිජානයෙන් වක්‍රව පැමිණියත් යුරෝපයට ලැබනුයේ රුසියානු ගෑස් යන්න බැහැර කල නොහැකි සත්‍යයයකි.

“අපි 2025 දී ගෑස් සැපයුම පිළිබඳ ජාත්‍යන්තර මට්ටමින් ඉතා දැඩි ලෙස සාකච්ඡා පවත්වමින් සිටිමු” යනුවෙන් ස්ලොවේකියානු අගමැති ෆිකෝ මහතා රුසියාවේ සංචාරයෙන් පසු පවසා සිටියේය.

“යුක්රේනය පැත්තෙන් සිදුවන අත්තනෝමතික භූ දේශපාලන ප්‍රකාශයන් නිසා ස්ලෝවේකියාවේ න්‍යෂ්ටික බලාගාර අක්‍රිය වී රටේ සමස්ථ ආර්ථිකයටම ඍජුවම බලපා ඇත. යුක්රේනය විසින් නැගෙනහිර යුරෝපයේ සිට බටහිරට බෙදාහැරීම් අත්හිටුවීමට බලපෑම් කිරීම, ප්‍රවාහන ගාස්තු ඇතුළුව වඩා මිල අධික ගෑස් මිලදී ගැනීම් සඳහා වන යෝජනා අපට පිළිගත නොහැක. යුක්රේනයට තිබෙන එකම විසඳුම සටන් විරාමයක් පිළිගෙන මෙම ගැටුම සඳහා සාමකාමී විසඳුමක් සොයා ගැනීම පමණයි ” යයි අගමැති ෆිකෝ තවදුරටත් අවධාරණය කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති පුටීන් පවසන්නේ තම රට දිගටම යුරෝපයට ගෑස් සැපයීමට සුදානම් බවයි. එහෙත් යුක්රේනය විසින් තම ගෑස් යුරෝපා සංගමයට යැවීමට ඉඩ නොතැබීම තුල එම ගෑස් නල වලට රුසියානු ප්‍රහාර එල්ල විය හැකි බවටද යුධ විශේෂඥයින් මේ අතර අනතුර හඟවයි. එසේම පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපතිවරයා ද ඇමරිකාවෙන් ගෑස් හා තෙල් ලබා ගැනීම වැඩි නොකොළොත් යුරෝපා නිෂ්පාදන වලට විශාල බදු අයකරන බවටද අනතරු හඟවනු ලැබුවේය. සිරියාවේ ගැටුම තවකාලිකව නතර වී ඇති මෙම මොහොතේ කටාර් රාජ්‍යයද ගෑස් නලයක් සිරියාවේ ඔස්සේ යුරෝපයට යැවීමේ කතා බහ යලි කරලියට පැමිණ ඇත. 2014 සිට සිරියානු ඉස්ලාම් අන්තවාදීන්ට ඩොලර් බිලියන තුනක යුධ ආධාර සපයමින් ඔවුන් යුද්ධයට සහාබාගී වුයේ මෙම සිරියාව හරහා ගෑස් අපනයනය කිරීමේ අරමුණ සහිතවය.

මේ අනුව මෙම සමස්ථ තත්වයන් විග්‍රහ කිරීමේදී ප්‍රත්‍යක්ෂ වනුයේ 2025 වසර බල ශක්ති අර්බුධය නිසා ලෝකය පුරා උග්‍ර ගැටුම් වර්ධනය විය හැකි තත්වයන් නිර්මාණය විය හැකි බව යයි භූ දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දෙයි.

Facebook
Twitter
LinkedIn