මනුෂ රට පනීද?

මනුෂ රට පනීද?

පසුගිය ආණ්ඩුවේ හිටපු කම්කරු සහ විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර විදේශ රටකට පළා යාමේ හැකියාවක් තිබෙන බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

විදේශ රැකියා ලබාදෙන බවට මහජනතාවගෙන් විශාල මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව මෙම තත්වය උදාවී ඇතැයි ඇතැම් විශ්ලේෂකයන් මත පළ කරති. ඊට අමතරව රජයේ මුදල් අයථා ලෙස යොදවමින් රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු සිදුකිරීම මෙන්ම මූල්‍ය අපරාධ රැසක් සිදුකිරීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකෙරෙන බව හෙළිවී තිබේ.

ඔහු 2020 වසරේදී සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී පසුව ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව සමග එක්විය. ඉන්පසුව රනිල් වික්‍රමසිංහ සමග එක්වූ ඔහු විවිධ මූල්‍ය අපරාධවලට ඇමති බලතල යොදාගෙන ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

Facebook
Twitter
LinkedIn