මාෆියාව හෙළිකර වසර හතරයි..

මාෆියාව හෙළිකර වසර හතරයි..

මෙරට සහල් වෙළඳපොළේ පවත්වාගෙන යන ඒකාධිකාරී මාෆියාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී තොරතුරු හෙළිවී තිබුණද, එය මර්දනය කිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නොතිබුණි.

ඒ නිසාම වර්තමාන ආණ්ඩුවට සහල් මාෆියාව යම් තරමකින් හෝ පාලනය කිරීම වෙනුවෙන් කෙටිකාලීනව ආනයනය කිරීමට සිදුවී තිබේ. විශේෂයෙන්ම 2020 මහ බැංකු වාර්ෂික වාර්තාව මගින් ඉතා පැහැදිලිවම මෙම මාෆියාව පිළිබඳව තොරතුරු හෙළිකර තිබුණි. එම වසරේදී සහල් මෙට්‍රික් ටොන් මිලියන 3.3ක් නිෂ්පාදනය කර ඇති බවත් එය මාස 17ක් සඳහා ප්‍රමාණවත් බවත් පෙන්වා දී තිබුණි.

නමුත් ඒකාධිකාරී මාෆියාව විසින් ගොවියා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයම දරුණු ආකාරයෙන් කොල්ලකමින් සිටින බව පෙන්වාදී තිබේ. ගෝඨාභය රාජපක්ෂ එම මාෆියාව මර්දනය කරන බව කියමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වූ අතර, ඉන්පසුව පොහොට්ටු මන්ත්‍රීවරු විසින් තෝරා පත්කර ගත් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිදු පියවරක් නොගෙන තිබිණි.

Facebook
Twitter
LinkedIn