අලුත් ආණ්ඩුව යටතේ සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ඇති බව බීබීසිය කියයි

අලුත් ආණ්ඩුව යටතේ සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ඇති බව බීබීසිය කියයි

වර්තමාන ආණ්ඩුව යටතේ කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසයේ සුවිශේෂි කඩඉමක් පසු කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය ද ප්‍රමුඛතම අවධානයක් යොමු කර ඇත.

පසුගිය සතියේදී සියලු කොටස් මිළ දර්ශකය ඉතිහාසයේ ප්‍රථම වතාවට (ASPI) ඒකක 15,000 සීමාව ඉක්මවා ගොස් තිබිණි.

වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව අල්ලස් හා දූෂණවලට එරෙහිව ගෙන යමින් තිබෙන දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළයාම මෙලෙස ඓතිහාසික වාර්තා තබමින් කොටස් වෙළඳපොල ක්‍රියාකාරීත්වය ඉහළ යාමට හේතු වී තිබේ.

Facebook
Twitter
LinkedIn