ඩේසි ආච්චිගේ මැණික් මල්ල – යෝෂිතට යළි පත්තු වෙයි

ඩේසි ආච්චිගේ මැණික් මල්ල – යෝෂිතට යළි පත්තු වෙයි

පසුගිය වසර 10ක් පමණ පුරා යට ගසා තිබූ යෝෂිත රාජපක්ෂගේ වත්කම් උපයා ගැනීම් සම්බන්ධ පරීක්ෂණ යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනවාරි 03 වෙනි සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස යෝෂිත රාජපක්ෂට නොතීසි නිකුත් කර ඇත.

මෙයට පෙර යම්තාක් දුරකට පරීක්ෂණ සිදු කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට ප්‍රකාශ කර තිබුණේ ඩේසි ආච්චි විසින් ලබා දුන් මැණික් මල්ලක් විකුණා ලබා ගත් මුදලින් සුඛෝපභෝගී නිවසක් ඇතුළු වත්කම් අත්පත් කර ගත් බව ය.

Facebook
Twitter
LinkedIn