තවත් මූල්‍ය අපරාධකරුවෙකුගෙන් CIDය ප්‍රශ්න කරයි

තවත් මූල්‍ය අපරාධකරුවෙකුගෙන් CIDය ප්‍රශ්න කරයි

විදේශ රැකියා හා කම්කරු හිටපු ඇමති මනූෂ නානයක්කාරගේ සොහොයුරෙකු වන තිසර නිරෝශන නානයක්කාරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) ප්‍රශ්න කර තිබිණි.

විදේශ රැකියා ලබාදීමේ දී සිදුකරන ලද මූල්‍ය ජාවාරම් සම්බන්ධයෙන් එලෙස ප්‍රශ්න කර ඇත. ෆින්ලන්තයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 40ක් ඉල්ලා ඇති අතර එයින් රුපියල් ලක්ෂ 30ක් ලබා ගෙන වංචා කිරීම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන ඇත.

බිබිල ප්‍රදේශයේදී ඔහු අත්තඩංගුවට ගෙන ඇති අතර ඊශ්‍රයාලයට, දකුණු කොරියාව ආදී රටවල් රැසක රැකියා ලබා දෙන බව පවසා මේ අකාරයට මූල්‍ය වංචා රැසක් කර ඇතැයි මාධ්‍ය වාර්තාවලින් හෙළිකර තිබිණි.

Facebook
Twitter
LinkedIn