ත්‍රිවිධ හමුදාපතිවරු විශ්‍රාම යයි!

ත්‍රිවිධ හමුදාපතිවරු විශ්‍රාම යයි!

ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යන ත්‍රිවිධ හමුදාවේ වර්තමාන හමුදාපතිවරුන්ගේ සේවා කාලය දෙසැම්බර් 31 වෙනි දින අවසන් වීමට නියමිත බව මාධ්‍ය වාර්තාවලින් හෙළිකර තිබේ.

එම ත්‍රිවිධ හමුදාපතිවරු මේ වනවිටත් සේවා දිගු මගින් එම ධුරයන්ගේ රැඳී සිටින අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද සේවා දිගුවක් මත රැඳී සිටින බව හෙළි වී ඇත.

මේ නිසා තවදුරටත් එම ආරක්ෂක ප්‍රධානීන් වෙත සේවා දිගු ලබා දෙන්නේ ද එසේ නැතහොත් විශ්‍රාම ගන්වන්නේ ද යන්න පිළිබඳව රජය මෙතෙක් තීරණයක් ගෙන නැති බව ද වැඩි දුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn