මෙරට ඉතිහාසයේ ප්‍රබලම දෝශාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් එළඹී ඇති බවට නීති ක්ෂේත්රයේ විචාරකයින් පෙන්වා දි තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ආ හැකි බව එම විශ්ලේෂකයන් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරමින් සිටිති. මෙම සභාපති විනිසුරු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුව පදනම් කර ගනිමින් දෝශාභියෝගයක් ගෙන ආ යුතු බව එම විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
8 වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිස්සංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස නම් කරනු ලැබීය. එහෙත් එම තනතුරට ඔහු නුසුදුසු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අවස්ථා තුනකදී ප්‍රතික්ෂේප කරනු ලැබීය. එලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන මෙන් නීතිඥවරයෙකු ද වන පතිරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාග කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 20ක දඩයක් ද පෙත්සම්කරුට නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.
එම නඩු විභාගයේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්නගේ විසමාචාර ක්‍රියා රැසක් හෙළි වී තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය එම කරුණු පිළිගැනීමෙන් අදාළ පෙත්සම්කරුට දඩ මුදල් ද නියම කරමින් තීන්දුව ලබා දී තිබේ. මේ නිසා එම සභාපති විනිසුරුට එරෙහිව පාර්ලිමේන්තුවට දෝශාභියෝගයක් ගෙන ආ යුතු බවත්, එසේ ගෙන එන දෝශාභියෝගය මන්ත්‍රීවරු 215කගේ පමණ අනුමැතියෙන් සම්මත කර ගත හැකි බවත් නීති විචාරකයින් පෙන්වා දී තිබේ.










