ඇමරිකාවේ UNITED HEALTH CARE හි ප්‍රධානියා වන BRIYAN THOMPSON මරා දැමු වයස 26ක් වන තරුණයා වන Luigi Mangione ඇමරිකාවේ හා ලොව පුරා සමාජ ජාල වල වීරයෙකු බවට මේ වන පත් වී ඇත්තේ ඇමරිකාවේ සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමය ද බරපතල ලෙස අභියෝගයට පත් කරමිනි. සමහරුන්ට ඔහු මිනීමරුවෙකු වුවත් ඇමරිකාවේ ජනතාවගෙන් එක කොටසකට ඔහු වීරයෙකු ලෙස පෙනීම පුදුම සහගත තත්වයක් බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. ප්‍රකට සෞඛ්‍ය රක්ෂණ සමාගමක් වන UNITED HEALTH CARE ආයතනය පසුගිය කාලය පුරාවටම 90%කින් මුදල් ගෙවීම පැහැර හැර තිබීම නිසා එහි ප්‍රධානියා දෙසැම්බර් 8 වැනිදා Luigi Mangione විසින් වෙඩි තබා මරා දැමීමත් සමග මෙම රක්ෂණ සමාගම් පිලිබඳ ජනතාවගේ පවතින පිළිකුල යලි විවාදයට භාජනය වී ඇත.
Luigi Mangione යනු වයස අවුරුදු 26ක් වන පොහොසත් පවුලකට අයත් ඉංජිනේරු උපාධියක් ඇමරිකාවේ උසස්තම විශ්වවිද්‍යාලයකින් හිමි කර ගත් තරුණයෙකි. නිතරම සිනා මුසුව සිටින ඔහුට තම ජීවිතය තුල කිසිදු අඩුපාඩුවක් සහිත වුවෙකු නොවූ අතර එහෙත් නිතර නිතර වැළදෙන කොන්දේ අමාරුවකින් පෙළුණු අයෙකු විය. ඔහු තමන් මුහුණ දෙමින් සිටින රෝගය හා ඇමරිකාවේ සෞඛ්‍ය රක්ෂණ සේවය ගැන පිටු තුනක ප්‍රකාශණයක් ලියා තබමින් පැවසුවේ ලොව මිල අධිකතම රක්ෂණ සේවයක් සඳහා හිමිකම් කියන ඇමරිකානු සෞඛ්‍ය සමාගම් ඉතා කෘර ලෙස ජනතාවට වංචා කරනු ලබන බවයි. ඉන් පසුව ඔහු විසින්ම පිස්තෝලයක් නිර්මාණය කරනු ලබන අතර එහි උණ්ඩ මත ඇමරිකාවේ UNITED HEALTH CARE හි ප්‍රධාන වෙළඳ පාථ තුන වන DENY, DEFEND, DEPOSE යන පද ලියා තබන ලදී.
දෙසැම්බර් 4 වැනිදා ඔහු ඇමරිකාවේ ප්‍රධානතම සෞඛ්‍ය සමාගමක් වන UNITED CARE HEALTH හි ප්‍රධාන අධ්‍යක්ෂක BRIAN THOMPSONව සුප්‍රකට manhattan හෝටලය ඉදිරියේ වෙඩි තබා මරා දමන ලදී. මෙම මිනීමැරුම නිසා සමස්ථ ඇමරිකාවම හෙල්ලුම් කෑවේය. මිනීමරුවා සොයා සමස්ථ FBI පොලීසියම රට පුරා පීරන්නට විය. දෙසැම්බර් 4 වැනිදා නිව් යෝර්ක් නගරයට දවස උදා වෙද්දී, එක්සත් ජනපදයේ ප්‍රධාන රක්ෂණ සමාගම වන United Health care හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් තොම්සන්ව පාර මැදදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීම දැක්වෙන වීඩියෝ පටය සමාජ ජාලා වල ප්‍රදර්ශණය කරනු ලැබුවේ ඝාතකයා හඳුනා ගැනීමටය.
මෙම දර්ශනය මෑන්හැටන් හෝටලයක් පාමුල පිහිටි නිරීක්ෂණ කැමරාවක සටහන් වී තිබිණි. හිස් වැසුම් පැළඳ සිටින තරුණයෙකුගේ මුහුණ එහි සඳහන් වේ. දෙසැම්බර් 9 වන සඳුදා, දින කිහිපයක ලුහුබැඳීමෙන් පසු, සැකකරු හඳුනාගෙන ඇත්තේ අපරාධ ස්ථානයෙන් කිලෝමීටර් 500 ක් දුරින් පිහිටි ඇල්ටූනා නගරයේ මැක්ඩොනල්ඩ් අවන්හලක සේවකයෙකි.
“ගිනි අවි සන්තකයේ තබා ගැනීම” සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම නඩුවේ ප්‍රධාන සැකකරු බවට Luigi Mangione පත්වේ. එහෙත් ඇමරිකානු පැය 24 පුරා ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති නාලිකා මෙම සීතල ඝාතනයෙන් කෝපයට පත් වුවද, සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් වෙඩික්කරු කෙරෙහි දැඩි ඇල්මක් දක්වමින් ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රකාශ නිකුත් කරන්නට විණි.
“ලුයිගි මැන්ජියෝන් උස, අඳුරු සහ දැඩි මාංශපේශී, ඔහු 26 හැවිරිදි වන අතර බැල්ටිමෝර්හි ධනවත් පවුලකින් පැමිණි අයෙක්. 2016 දී ඔහුගේ පන්තියේ පළමුවැන්නා වෙලා තිබෙනවා. ඔහු රටේ වඩාත්ම කීර්තිමත් ආයතනයක් වන පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නා ලදී. නිව් යෝර්ක් ටයිම්ස් හි, ඔහුගේ හිටපු පන්තියේ මිතුරෙකු කියන්නේ ඔහු පරිගණක කෙරෙහි දැඩි ඇල්මක් දක්වන අයෙකු බවයි ” පොලීසිය මාධ්‍ය වෙත දන්වා සිටියේය.
ඔහුව අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය පැවසුවේ ඔහුගේ නිවසේ තිබී පසුව ඇමරිකාවේ සෞඛ්‍ය රක්ෂණ සේවය විවේචනය කරන ප්‍රතිපත්ති අඩංගු ප්‍රකාශයක් සොයාගත් බවයි. මෙම ලේඛනයේ, ඔහු තම රටේ සෞඛ්‍ය පද්ධතිය විස්තර කරන්නේ “එය ලෝකයේ දැනට පවතින වඩාත්ම මිල අධික මාෆියාවක් වන බවත් එහි වංචා සහගත ක්‍රියා නිසා ඇමරිකානුවෙකුගේ ආයු අපේක්ෂාව ලෝකයේ 42 වන ස්ථානයට තල්ලු කර ඇති” බවයි.
ඔහු තවදුරටත් සෞඛ්‍ය රක්ෂණ සමාගම් හෙළා දකිමින් පවසනුයේ “ඇමරිකානු රජය ඔවුන්ට නිදහසේ ජනතාව මංකොල්ල කෑමට ඉඩ දුන් නිසා, ඔවුන් ඉමහත් ලාභයක් ඉපැයීමටත් අපේ රට දිගින් දිගටම අපයෝජනය කිරීමට තව දුරටත් ඉඩ දී ඇති නිසා “අවංකවම, මෙම පරපෝෂිතයන් ඉවත් කිරීමට තමන් තීරණය කල බව ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේදී පැවසූ බව පොලීසිය මාධ්‍ය වෙත දන්වා සිටියේය.
පොලීසියේ මෙම හෙළිදරව්ව සමාජ ජාල ඇවිලවීමට ප්‍රමාණවත් විය. ඇමරිකානු මාධ්‍යවේදියෙකු වන Taylor Laurenz ඇගේ පුවත් පත්‍රිකාවේ මෙසේ පැහැදිලි කරයි.
“ඔහු Luigi Mangione සඳහන් කරන රෝගීන් සියලු දෙනාම වයස අවුරුදු 40ට අඩු අය වන අතර, සියලු දෙනාම පවසන්නේ ඔවුන් ඇමරිකානු සෞඛ්‍ය සේවා පද්ධතියෙන් එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් පීඩාවට පත්ව ඇති බවයි, ඔවුන්ගේ දෙමාපියන් හෝ ආච්චිලා සීයලා මූලික ප්‍රතිකාර ලබා ගැනීමට සටන් කිරීමට දැකීම හෝ ප්‍රතිකාර ලබා ගැනීමට අපහසුව ඒ සඳහා මුදල් නැතිව පීඩා විඳින ආකාරය මට විස්තර කළා” යයි පෙන්වා දුන්නාය.
ටික කලකින්ම ඇමරිකාවේ හා ලොව අන්තර්ජාල භාවිතා කරන්නන් Luigi Mangioneව රොබින් හුඩ්ගේ භූමිකාවට සමාන කරන ලදී. ඔහුගේ X ගිණුම ග්‍රාහකයින් ලක්ෂ කිහිපයක් ලබා ගත් අතර, අද වන විට අනුගාමිකයින් 392,000 කට වඩා ළඟා විය. #FreeLuigi හැෂ් ටැගය X මත ප්‍රරෝහණය වේ. ඔහුගේ රූපය සහිත Memes පොප් සංස්කෘතික යොමු භාවිතා කරමින් ගුණ වර්ණා කරයි. ඇමරිකානු කතා මාලාවේ “ද සොප්‍රානෝස්” හි ටෝනි සොප්‍රානෝගේ සුප්‍රසිද්ධ රේඛාව “නිවසේ, ලුයිගි මැන්ජියෝන් වීරයෙකි. කතාවේ අවසානය” X හි මිලියන හතරකට ආසන්න නැරඹුම් රැස් කරයි. ඊටත් වඩා පුදුමයට කරුණක් නම්, සැකකරුගේ නමින් නම් කරන ලද Luigi Coin ලෙස නැවත නම් කරන ලද cryptocurrency එකක් පසුගිය දිනවල අතිවිශිෂ්ට ලෙස ලොව පුරා ප්‍රචලිත වීමයි. අවසානයේ Luigi Mangione නිදහස් කරගැනීම සඳහා මුදල් එකතු කිරීම ද ඇමරිකාව පුරා පැතිර ගොස් ඇත්තේ ඇමරිකානු ජනතාවට කෙතරම් නම් එරට සෞඛ්‍ය රක්ෂණ සේවය පිළිකුල් සහගත ද යන්න යලි යලිත් තහවුරු කරමිනි.
එපමණක් නොව ඇමරිකානු සමාජය තුල ආයුධ පරිහරණය පිළිබඳවද යලි කරලියට පැමිණෙන්නේ Luigi Mangione විසින් සිදු කරන ලද මෙම ඝාතණය නිසාවෙනි. Luigi Mangione යනු අරාජික වාදී තරුණයෙකි. පුද්ගල ඝාතන හා ත්‍රස්තවාදය මත සමාජය වෙනස් කල හැකැයි සිතන බකුනින් හා පෘදොන් ගේ අනුගාමිකයෙක් ලෙස සැලකේ. එසේම සෞඛ්‍ය රක්ෂණ සමාගම් විසින් ප්‍රසිද්ධ කරන වෙළඳ සන්නාම සඳහන් පොතක් ලිවූ ඇමරිකානු අරාජික වාදී බුද්ධිමතෙකු වන FEINMAN ඔහුගේ තවත් වීරයෙකි. එසේම ප්‍රංශ ක්‍රිස්තියානි අරාජිකවාදියෙකු හා පූජකයෙකු වන jacque ellul ලිවූ නව තාක්‍ෂණයට එරෙහිව මානවාදය ග්‍රන්ථ රාශියක්ද පරිශීලනය කරනු ලැබූ බව පරීක්ෂණ වලින් හෙළි වී ඇත. මාක්ස් වාදියෙකු ද වන jacques ellul නවීන තාක්‍ෂණය නිසා සිදුවන මානව සම්බන්ධතා බිඳ වැටීමට එරෙහිව ග්‍රන්ථ රාශියක් ලිවූ ප්‍රකට ලේඛයෙකි.
ඉහත සඳහන් කරන ලද සෞඛ්‍ය රක්ෂණ සමාගම රෝගී වන ඇමරිකානුවන්ගේ වෛද්‍ය ගාස්තු, රෝහල් ගාස්තු, ඖෂධ සඳහා වියදම් වූ ගෙවීම් AI තාක්‍ෂණය ඔස්සේ කුමන හෝ හේතුවක් සඳහන් කර ප්‍රතික්‍ෂේප කිරීම ඔවුන්ට එල්ලවන චෝදනාවකි. ඔවුන් පසුගිය වසර තුල පමණක් 90% කට වඩා මෙසේ මුදල් ගෙවීම ප්‍රතික්‍ෂේප කිරීම නිසාම Luigi Mangione විසින් රක්‍ෂණ අධ්‍යක්‍ෂ BRIYAN THOMPSON මරා දැමීම තුලින් ඇමරිකානුවන්ගේ වීරයෙකු බවට පත්ව ඇත. ඇමරිකාවේ රජයේ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය මගින් ආවරණය කරනුයේ ශාරීරික දුර්වලතාවයන් ඇති අයට, මුදල් නැති අයට, අවුරුදු 65ට වැඩි ය ලෙස බෙදා දක්වමින් වන අතර එයින් ද ගෙවීම් සිදු කරනුයේ දුර්වල ප්‍රතිශතයකිනි. ජනගහනයෙන් 65%ක් සඳහා ආයතන හිමි කරුවන් විසින් තම සේවකයින් සඳහා ලබා දේ. එහෙත් රැකියා නොමැති අයට කිසිදු රක්ෂණ ආවරණයක් හිමි නොවන නිසා ඔවුන් පුද්ගලික රක්ෂණ සේවයක් ලබා ගනී.
එහි ප්‍රථිපලය වී ඇත්තේ ඇමරිකාවේ පුද්ගලික රක්ෂණ සමාගම් කීපයක ඒකාධිකාරකයට රටේ සෞඛ්‍ය සේවය පාලනය කිරීමට හැකි වීමයි. ඉහත සඳහන් කල මිලියන 51ක ග්‍රාහකයින් ප්‍රමාණයක් ලියා පංදිචි වී තිබෙන UNITED HEALTH CARE ආයතනයේ ලොක්කා වන BRIAN THOMPSON 2025 දී පමණක් ඩොලර් බිලියන 450ක් උපයා ගැනීමට සමත් වී ඇත්තේ ඔවුන්ගේ ග්‍රාහකයින් සඳහා මුදල් ගෙවීම 90%ක් දක්වා පැහැර හැරීම තුලය. ඇමරිකාවේ ජනගහණයෙන් 25%කට කිසිදු රක්ෂණ ආවරණයක් නොමැති අතර ඔවුන් සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමද ප්‍රතික්‍ෂේප කරනු ලබන්නේ මුදල් නොමැති වීම නිසාවෙනි. මෙසේ සෞඛ්‍ය උපදෙස් ලබා නොලබා රෝහල් සඳහා නොගිය ඇමරිකාවේ මිය ගිය රෝගීන් ප්‍රමාණය වසරකට 45000ක් පමණ වන බව වාර්තා වේ.
ඇමරිකාවේ සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමය ඔබාමා පාලන සමයේ යම් ප්‍රවර්ධනයක් ලබා ගත්තද පසුගිය කොරෝනා වසංගතයෙන් පසු යලි රක්ෂණ සමාගම් රෝගී වන ජනතාව සඳහා මුදල් ගෙවීම පැහැර හැර තිබිණි. BRIAN THOMPSON ගේ ඝාතනයත් සමග ඇමරිකාවේ අනෙකුත් රක්ෂණ සමාගම් ද බියට පත් වී FBI ආරක්ෂාව ඉල්ලා සිටිනු ලැබ ඇත. විශේෂයෙන් ඇමරිකාවේ තවත් ප්‍රකට සෞඛ්‍ය රක්ෂණ සමාගමක් වන ANTHEM BCBS සිහි නැතිකිරීම සඳහා ගෙවන මුදල් ඉතා මත් කෙටිම කාලයකින් තම පාරිභෝගිකයන්ට ගෙවීමට තම ආයතනය තීරණය කල බවයි.
කෙසේවෙතත් ධවල මන්දිර ප්‍රකාශිකා Karine Jean-Pierre පවසා සිටියේ “අයුක්තියට එරෙහිව සටන් කිරීමට ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම” හා “අමු අමුවේ මිනිසුන්ව ඝාතණය කිරීම” රජය අනුමත නොකරන බවයි.










