ලංකාවට තවත් ආර්ථික ජයග්‍රහණයක් – ඩොලර් මිලියන 33ක සුරැකුම්පත් විදේශිකයින් මිලදී ගනියි

ලංකාවට තවත් ආර්ථික ජයග්‍රහණයක් – ඩොලර් මිලියන 33ක සුරැකුම්පත් විදේශිකයින් මිලදී ගනියි

පසුගිය සතියේ දී ඩොලර් මිලියන 33කට අධික විදේශ ආයෝජන මෙරට රාජ්‍ය සුරැකුම්පත් වෙත ගලා ආ බව මහ බැංකු දත්තවලට අනුව පෙනී යන බව economynext වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ පිට පිටම 12 වැනි සතිය සනිටුහන් කරමින්.

මෙයට හේතු වී ඇත්තේ මහ බැංකුව විසින් තවදුරටත් පොලී අනුපාත අඩුකිරීම් සහ රුපියල ශක්තිමත් වනු ඇතැයි විදේශ ආයෝජකයින් අපේක්ෂා කිරීම යැයි economynext වෙබ් අඩවියේ අදාළ පුව‍ත මගින් පෙන්වා දෙයි.

මේ අතර අදාළ වෙබ් අඩවිය කොළඹ පදනම් කරගත් මුදල් බෙදාහරින්නෙකු උපුටා දක්වමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ වෙළෙඳපොළ පොලී අනුපාතවල මූලික ලක්ෂ්‍ය 150ක අඩුවීමක් සහ අඛණ්ඩ මුදල් අගයක් අපේක්ෂා කරන බවයි.

ඉකුත් 2022දී උද්ධමනය 70%ට වඩා ඉහළ යාමෙන් පසු පොලී අනුපාත පහත වැටීමට තුඩු දෙන අවධමනකාරී ප්‍රතිපත්ති සහ ආනයන සීමා කිරීම් ක්‍රියාත්මක කෙරිණි.

මේ අතර දෙසැම්බර් 05න් අවසන් සතිය තුළ, රජයේ සුරැකුම්පත් වෙත ගලා ආ විදේශ ලැබීම් රුපියල් බිලියන 9.74ක් (ඩොලර් මිලියන 33.6) දක්වා ළඟා වූ අතර, පසුගිය සති 12ක කාලය තුළ දී එය රුපියල් බිලියන 28.8ක (ඩොලර් මිලියන 99.4) ප්‍රමාණයක් ගෙන ඇතැයි එම පුවත් වාර්තාවේ දැක්වේ.

තවද ඉකුත් දෙසැම්බර් 05 වනදා වනවිට රජයේ සුරැකුම්පත්වල විදේශ වත්කම් රුපියල් බිලියන 68.1ක් ලෙසින් සඳහන්ව ඇති අතර ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවධමනකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අදාළ පුවත් වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ නමුත් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත් වීමෙන් අනතුරුව ක්‍රමානුකූලව දූෂණයට එරෙහිව සටන් කිරීමට ඔහු විසින් ලබා දුන් ප්‍රතිඥා විදේශ ආයෝජන ආකර්ශනයට පිටුබලයක් වනු ඇති බව economynext වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මූලාශ්‍ර – Foreigners buy over $33 mln worth Sri Lanka govt securities

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්