Bill & Melinda Gates පදනමේ නියෝජිතයෝ අගමැතිනිය හමුවෙති…

Bill & Melinda Gates පදනමේ නියෝජිතයෝ අගමැතිනිය හමුවෙති…

Bill & Melinda Gates පදනමේ අග්නිදිග ආසියාව හා ඉන්දියාව පිළිබඳ සහ ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ ප්‍රධාන අධ්‍යක්ෂ හරි මෙනන් අගමැති කාර්යාලයේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමු වී තිබේ.

සෞඛ්‍ය හා පෝෂණය, කෘෂිකර්මය, නාගරික සනීපාරක්ෂාව සහ කාන්තා ආර්ථික සවිබල ගැන්වීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් හරි මෙනන් අගමැතිනිය වෙත Gates පදනමේ වැඩකටයුතු පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දී ඇත.

මෙම සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාව තුළ, “ඩිජිටල් කෘෂිකර්මය” සහ “ඩිජිටල් පොදු යටිතල පහසුකම්” ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමුවී ඇත. ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා අරමුදල් සහ පොදු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තාක්ෂණික සහාය ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.

මෙහිදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, ඩිජිටල්කරණය සහ මන්දපෝෂණයට පිළියම් යෙදීම සඳහා රජයේ කැපවීම පිළිබඳ අවධාරණය කර ඇත.

Bill & Melinda Gates පදනමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා හා උතුරු අමෙරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂ තනුජ මීගහවත්ත යන පිරිස මෙම හමුවට සහභාගී වි සිටි බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්