ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තිය `ව්‍යසනයක්’ යයි ජෝ බයිඩන් අනතුරු අඟවයි!

ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තිය `ව්‍යසනයක්’ යයි ජෝ බයිඩන් අනතුරු අඟවයි!

ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්තිය වර්තමාන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් දැඩිව විවේචනය කරමින් එය “ව්‍යසනයක්” ලෙස හඳුන්වා ඇති බව වාර්තා වේ. ඔහුගේ ආර්ථික දර්ශනය තුළ ඇමරිකාවේ ප්‍රධාන ආර්ථික හවුල් කරුවන් තිදෙනා වන මෙක්සිකෝවෙන්, කැනඩාවෙන් (25%)හා චීනයෙන්(10%) ආනයනය කරන සියලුම නිෂ්පාදන යන්හි තීරුබදු වැඩි කිරීම රටේ නව අර්බුධයක් නිර්මාණය කරනු ඇතැයි බයිඩන් පෙන්වා දේ.

“ඇමරිකාවේ විශාල ජිවන වියදම සැලකිල්ලට ගැනීමේදී මම හිතන්නේ මෙම ප්‍රවේශය විශාල වැරැද්දක්,” එක්සත් ජනපද ජනාධිපතිවරයා වොෂින්ටනයේ බෘකින්ස් ආයතනයේ දේශනයකදී එසේ පවසා සිටියේය.

“2025 ව්‍යාපෘතිය” ප්‍රතික්ෂේප කරන ලෙස මම දෙවියන් වහන්සේට යාච්ඤා කරමි. එය අපට සහ සමස්ථ ඇමරිකානු කලාපයට ආර්ථික ව්‍යසනයක් විය හැකි යැයි මම සිතමි, යයි ”ඔහු පැවසුවේ, රිපබ්ලිකානු කඳවුරේ දෙවන වාරයේ මාර්ග සිතියමක් ලෙස ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන අතිශය දක්ෂිණාංශික කොන්සර්වේටිව් 2025 වැඩසටහන ගැන සඳහන් කරමිනි.

“ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ට්‍රම්ප්ට ඇමරිකානු නවීන ඉතිහාසයේ ශක්තිමත්ම ආර්ථිකයට උරුමකම් කීමේ හැකියාව ලැබී තිබෙනවා. එහි ප්‍රථිලාභ සෑම කෙනෙකුටම ලැබිය යුතුව තිබෙනවා. සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ හිටපු හමුදා නිලධාරීන්ගේ ප්‍රතිලාභ කපා දැමීම අනුමත කල නොහැකියි. පොහොසතුන් සතුටු කිරීමට බදු අයකිරීම අඩු කිරීම හෝ සහන ලබා දීම රටේ මූලික සුබ සාධක වැඩසටහන්වල කඩා වැටීමක් හා දැවැන්ත අයවැය හිඟයක් නිර්මාණය විය හැකියි. යයි තම දේශණය තුල පවසා සිටියේය.

මෙම වැඩ සටහනේදී ඇමරිකානු භාණ්ඩාගාරික ලේකම් ජනෙට් යෙලෙන් පවසා සිටියේ විදේශීය ආනයනයන් සඳහා බදු අයකිරීම හේතුවෙන් රට තුල දැවැන්ත උද්ධමන තත්වයක් හා ආර්ථික වර්ධන වේගය කඩ වැටීමේ ඉඩක් පැවතිය හැකි බවයි.

බයිඩන් පාලන සමය තුල ඇමරිකාවේ උද්ධමනය 9.1ක සිට 2.3ක් දක්වා පහත වැටුණු අතර පොලී අනුපාතය 4.7ක් ලෙස දැක්වේ. ලෝක වෙළඳ සංවිධානය මෙන්ම යුරෝපා සංගමය ද බයිඩන් විසින් ද ඇමරිකාවේ ආර්ථික ආරක්ෂණ වාදය ක්‍රියාත්මක කල බවට පසුගිය කාලයේ චෝදනා කරනු ලැබිණි. එසේම අද දෙසැම්බර් 11 වැනිදා BLOOMBERG හෙළි කර සිටියේ බයිඩන් පාලනය විසින් ඇමරිකානු සමාගමක් වන US STEEL සමාගම ඩොලර් බිලියන 14.1කට ජපානයේ NIPPON STEEL සමාගම විසින් මිලදී ගැනීම ආරක්ෂක හේතුන් මත නතර කර ඇති බවයි. මෙය ඇමරිකානු ආරක්ෂණ වාදය මැනවින් පෙන්නුම් කරන කදිම සාක්‍ෂියක් බව ආර්ථික විශේෂඥයින් මේ අතර පෙන්වා දේ.

ට්‍රම්ප් ගේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව මෙක්ෂිකානු ජනාධිපතිනි Claudia SHEINBAUM පවසන්නේ බදු වැඩි කිරීම මගින් සංක්‍රමණික අර්බුධය හා මත්ද්‍රවය ප්‍රශ්ණය විසඳිය නොහැකි බවත් එයින් සිදු විය හැක්කේ රටවල් දෙකේම විරැකියාව හා උද්ධමනය ඉහල ගොස් එම ප්‍රශ්න තවත් උග්‍ර වීම බවයි. ට්‍රම්ප් විසින් හමුදාව හා පොලීසිය යොදා ගනිමින් සංක්‍රමිකයන් මිලියන 13ක් රටින් එළවා දැමීමට තීරණය කර ඇත. ඒ සඳහා ඇමරිකානු ආර්ථිකයෙන් 4.2%GDB ක් එනම් ඩොලර් බිලියන 1000ක් වියදම් කිරීමට අනාගත ජනාධිපති වරයාට සිදුවනු ඇති බව එරට සංක්‍රමණික කාර්යාංශ ආරංචි මාර්ග පෙන්වා දේ. එය 2008 ආර්ථික අර්බුධයේදී ඇමරිකාවට අහිමි වූ ඩොලර් ආදායම හා සමාන මුදලක් වේ.

මෙම නව ඇමරිකානු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කැනේඩියානු අගමැති JUSTIN TRUDEAU පවසන්නේ ට්‍රම්ප් ගේ දෙවන ධූර කාලය කැනඩාවට ඉතා අමාරු කාලයක් උදා කරනු ඇති බවයි. කැනඩාව විසින් ඇමරිකාවට අපනයනය කරනු ලබන ඇළුමිනියම්, වානේ, කෘෂි නිෂ්පාදන, හා ඛණිජ තෙල් සඳහා 20%ක බද්ධක් අයකරනු ලැබුව හොත් ඇමරිකානුවන් ට දැවැන්ත ජිවන වියදමකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ඔහු වැඩි දුරටත් මාධ්‍ය අමතා පවසා සිටියේය. ඇමරිකානු බදු ප්‍රතිපත්තියට එරෙහිව දේශපාලන වෙනස් කම් පසෙකලා එකතු වෙමු යයි විපක්‍ෂයට අගමැතිවරයා ආරාධනා කලේ ට්‍රම්ප් විසින් කැනඩාව ඇමරිකාවේ 51 වෙනි ප්‍රාන්තය බවට පත් කර ගත යුතු බවට සිදු කරන ලද අනිසි ප්‍රකාශයට ද පිළිතුරු සපයමිනි.

චීන වෙළඳ ඇමති HE YADONG අවධාරණය කරනුයේ ඇමරිකාව ලෝක වෙළඳ සංවිධානයේ කොන්දේසි වලට ගරු කල යුතු බවයි. චීනය හා ඇමරිකාව අතර වෙළඳ ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය සඳහා දෙරට අතර සියළුම පාර්ශවයන්ගේ ආර්ථික ජයග්‍රහණය සඳහා සහය දිය යුතු බවත්, සාමකාමී ලෝකයක් හා සමතුලිත ලෝක ආර්ථික සංවර්ධනයක් සඳහා චීනය හා ඇමරිකාව කැපවිය යුතු බවයි.

ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමටත් පෙර ට්‍රම්ප් විසින් සිරියානු, යුක්රේන ගැටුම් සම්බන්ධයෙන් දරන ස්ථාවරයන් සමස්ථ බටහිර ලෝකයම යම් තැති ගැන්මකට ලක් කර ඇති බව ද මේ අතර විදේශ මාධ්‍ය සඳහන් කර සිටි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්