අයවැය 2025 – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අයවැය 2025 – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ  වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා මේ වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා අනුව අද (11) ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාව ජනාධිපති කාර්‍යාලයේදී පවත්වා තිබේ.

එම සාකච්ඡාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමති බිමල් රත්නායක, ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ පෙරේරා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්