අයවැය 2025 – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අයවැය 2025 – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‍යාලයේදී අද (11) දිනයේත් පවත්වා තිබේ.

ඒ අනුව අද දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා මෙහිදී සාකච්ඡාවට ගෙන ඇත.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ ඇමති මහාචාර්ය උපාලි පන්නිලගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් මලර්මතී ගංගාධරන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්