අයවැය 2025 – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අයවැය 2025 – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙන අමාත්‍යාංශ මට්ටමින් පැවැත්වෙන පූර්ව සාකච්ඡාවට සමගාමීව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (10) පවත්වා තිබේ.

එම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

ඒ සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්