හිටපු මන්ත්‍රීගේ ලොරියක් පොලිස් බාරයට – එකලස් කර ඇතැයි සැකයක්

හිටපු මන්ත්‍රීගේ ලොරියක් පොලිස් බාරයට – එකලස් කර ඇතැයි සැකයක්

නීති විරෝධී ලෙස කොටස් මෙරටට ආනයනය කර එකලස් කර ඇති බවට සැක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අයත් ඉසුසු වර්ගයේ ලොරි රථයක් ඊයේ (08) පොලිස් භාරයට ගත් බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.

වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් එම ලොරි රථය සිය භාරයට ගෙන ඇත්තේ හපුතලේ මුතුවානාවත්ත ප්‍රදේශයේ තිබියදීය.

මෝටර් රථ කොමසාරිස්වරයාගේ නිසි අවසරයකින් තොරව එකලස් කර ඇති බවට සැකකරන එම ලොරි රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී එහි ස්විච්ච යතුර නොතිබී ඇති අතර ඒ හේතුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් යෙදවූ බවත් පසුව අදාළ යතුර ලැබුණු පසු ලොරි රථය පොලිස් භාරයට ගනු ලැබූ බවත් උසස් පොලිස් නිලධාරියකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn