ප්‍රබල පුටු කිහිපයක් කාන්තාවන්ට

ප්‍රබල පුටු කිහිපයක් කාන්තාවන්ට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි එච්. ඩබ්ලිව්. අයි. එස්. මුතුමාල පත් කර ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව තුළ තවත් ප්‍රධාන පුටු කිහිපයක් ම නිලධාරිනියන් හට ලබා දී තිබේ.

ජේෂ්ඨ පොලිස් අධිකාරි අයි. එස්. මුතුමාල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයේ සිට අධ්‍යක්ෂ ධුරය දක්වා උසස් කර ඇත. එමෙන් ම, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරී ලෙස කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී ආර්. ඒ. ඩී. කුමාරි පත් කර තිබේ. ඊට අමතරව කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි එල්. ආර්. අමරසේන පොලිස් මූලස්ථානයේ සිට විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ තීරණාත්මක අංශවලට පොලිස් නිලධාරිනියන් පත් කිරීම දක්වා සැලකිය යුතු වෙනස්කම් රැසක් නව රජය යටතේ සිදු කර ඇති බව මෙම පත් කිරීම් තුලින් පැහැදිලි වී තිබේ.

Facebook
Twitter
LinkedIn