නව රජයේ මුල්ම යෝජනාවට පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ එකඟයි

නව රජයේ මුල්ම යෝජනාවට පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ එකඟයි

ලබන වසරේ මුල් මාස හතර වෙනුවෙන් රජයේ වියදම් දැරීම සඳහා ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුමට පාර්ලිමේන්තුවේ ඒකමතික එකඟතාව හිමිව ඇති බව මාධ්‍ය මඟින් හෙළි කර තිබේ.

මුදල් ඇමැති ලෙස ජනාධිපති, අනුර කුමාර දිසානායක මෙම අතුරු සම්මත ගිණුම දෙසැම්බර් මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඉන් පසුව 2025 වර්ෂය වෙනුවෙන් රජයේ අයවැය විසර්ජන පනත් කෙටුම් පත ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, අයවැය කතාව ඇතුළත් දෙචැනි වර කියැවීම පෙබරවාරි 17 වැනිදා සිදු කිරීමට නියමිත ය. ඉන් පසුව මාර්තු 21 වැනි දින දක්වා විවාදය පවත්වා, සම්මත කර ගැනීමට සැලැසුම් කර තිබේ. එම අයවැය සම්බන්ධයෙන් එක් එක් අමාත්‍යාංශවල යෝජනා මේ වන විට එක්රැස් කරමින් පවතී.

Facebook
Twitter
LinkedIn