පුරා වසර 5ක කාලයක් පුරා සටන් කරමින්, සිර කඳවුරු වල සිර වෙමින්, මර්දනයට මුහුණ දෙමින් සිටි සෙනෙගාල ජනතාව විසින් එරට තරුණ සොන්කෝ ගේ පැස්ටෙෆ් පක්ෂයට නොවැම්බර් 18 වැනිදා පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් ලබා දී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. තරුණ දේශප්‍රේමී හා යහපාලනයක් සඳහා වූ පෑස්ටෙෆ් පක්‍ෂයට අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීමට අවශ්‍ය ආසන 99 මේ වන විට ලැබී ඇති අතර ඔවුන් දිනා ගන්නා සම්පුර්ණ ආසන ප්‍රමාණය 131ක් ලෙස වාර්තා වේ. ඒ අනුව බහුතර බලය දිනා ගැනීමෙන් පැරණි පාලන ක්‍රමය අවසන් කිරීමේ ජනතා අපේක්‍ෂාව තහවුරු වී ඇතැයි එතරට තරුණ ජනාධිපති DIOMAYE DIAKHAR FAYE මාධ්‍ය වෙත පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙනෙගාලයේ ප්‍රජාතන්ත්‍ර වාදී අරගලය වෙනුවෙන් නායකත්වය දුන් සෙනගාල අගමැති උස්මාන් සොන්කෝ පවසා සිටියේ තම පක්‍ෂයේ ජයග්‍රහණය ස්ථිර වුවත් මෙවැනි බලයක් හිමි වෙතැයි කිසිදා අපේක්‍ෂා නොකළ බවයි. තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි වුවහොත් හිටපු ජනාධිපති MACKY SALL විසින් 2021-2024 කාලය තුලදී සිටි තම දූෂිත ගජ මිතුරන් ආරක්ෂා කර ගැනීම සඳහා සම්මත කල සමාව දීමේ පනත අහෝසි කර ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ මහා අධිකරණ කොමිසමක් පත් කරනු ලබන බවට ඔහු පොරොන්දු වී ඇත.
වගවීම සහ විශේෂයෙන්ම හිටපු රාජ්‍ය නායකයෙකුට එරෙහිව නඩු පැවරීමට බලය ලත් එකම ආයතනය වන නව මහාධිකරණයක් නිර්මාණය කිරීම පිළිබඳ පොරොන්දුව මත ජනතාව ඉතා ඕනෑකමින් බලා සිටින බව නව බලධාරීන් ද දන්නා බව දේශපාලන විචාරකයින් මේ අතර පේනවා දේ. එය සම්මත කිරීම සඳහා සුදුසුකම් ලත් බහුතරයක් අවම වශයෙන් ආසන 99 ක් අවශ්‍ය වන අතර එය පැස්ටෙෆ් පක්ෂය විසින් දිනා ගෙන ඇති නිසා අගමැති Ousmane Sonko නව පාර්ලිමේන්තුවේ ප්‍රථම සැසි වාරයේදීම එය ඉතා ඉක්මනින්ම ඉටු කරනු ඇති බවට ජනතාව බලාපොරොත්තු දල්වා තිබේ. එසේම නව සමාව දීමේ නීතියක් සම්මත කරමින් 2021 පෙබරවාරි සහ 2024 අතර පෙළපාලිවලට සහ ඔවුන්ගේ මර්දනයට සම්බන්ධ වූ සියලු දෙනාට නඩු පැවරීමෙන් නිදහස් කරන පාඨය ඇතුලත් කරමින් පෙර රජය සම්මත කල නීති කෙටුම්පත ද අවලංගු කිරීමට Ousmane Sonko පොරොන්දු වී ඇත.
“ඔවුන්ට අවශ්‍ය බලය දැන් ලැබී තිබෙනවා, මේ රට වෙනස් කිරීමේ වැඩ පිළිවෙල වචනයෙන් නොව භාවිතයෙන් කෙටිකාලයක් තුලදී ක්‍රියාවට නැංවීම දැන් ඔවුන් සිදුකල යුතුයි” යයි එරට ජනතාව පවසා සිටි. අසමානත්ම තාවය, ද්‍රවිද්‍රතාවය, විරැකියාව(20%) ඉහලම අගයක් ගනු ලබන සෙනෙගාලයේ ජනතාව 60%ක්(අවුරුදු 25ට අඩු) වන තරුණ ප්‍රජාවේ අපේක්‍ෂාව ඉටු කිරීමට පැස්ටෙෆ් පාලනය ඉදිරි වසර පහ තුලදී තම භාවිතාවෙන් රටට ඔප්පු කල යුතුව ඇත.
විපක්‍ෂයේ සම්ප්‍රදායික පක්ෂ 40ක් තරුණ පැස්ටෙෆ් පක්‍ෂය බලයට පැමිණීම හා බහුතර බලය දිනා ගැනීමට එරෙහිව නොනවතින අරගලයක් සිදු කලද ඒවා පරාජය කිරීමට සෙනගාල ජනතාව සමත් වී ඇත. පැරණි පාලක පක්‍ෂය මෙහය වූ හිටපු ජනාධිපති MACKY SALL මැතිවරණය දූෂිත බවට චෝදනා කරනු දක්නට ලැබිණි. කෙසේ වෙතත් ඔහුට ලබා ගැනීමට හැකි වී ඇත්තේ ආසන 10ක් 15අතර වූ සංඛ්‍යාවක් වේ. කෙසේවෙතත් මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කරනුයේ බදාදා උදෑසන වන විට පැස්ටෙෆ් රටේ ආසන 54න් 47ක් දිනා ගැනීමට එනම් ප්‍රකාශිත චන්ද වලින් 80%ක් දිනා ගැනීමට සමත් වී ඇති බවයි.
දැවැන්ත ආර්ථික අර්බුධයක ගිලි සිටින සෙනෙගාලයේ ප්‍රථම හදිසි අවශ්‍ය තාවය වනුයේ අයවැය පිළිබඳ නීතියක් සම්මත කර ගැනීම, මූල්‍යකරණය කළ යුත්තේ කුමක් ද සහ කෙසේද යන්න තීරණය කිරීම ද අවශ්‍ය පියවරකි. මෙම විවාදය පසුගිය ජුනි මාසයේදී හිටපු බහුතරය විසින් අවහිර කරන ලදී. කාර්මික, කෘෂි හා කුඩා හා මධ්‍යම සමාගම් කළමනා කරණය ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර සඳහා වෙන් වූ විවිධ අමාත්‍යාංශවලට වැඩ කිරීමට සහ එහි අඩංගු පොරොන්දු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ලබා දීමට සෙනගාලයට මෙම මාර්ග සිතියම අත්‍යවශ්‍ය බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)ද දැඩි ලෙස අවධාරණය කර ඇත.
එරට ආර්ථික විශේෂඥයයින් පවසා සිටින්නේ නව රජයේ බලධාරීන්ට සෙනගාලියානුවන්ට ඉදිරිපත් කල ඔවුන්ගේ “යෝජිත දැක්ම 2050” ආර්ථික වැඩසටහන සංයුක්ත ක්‍රියාවක් බවට පරිවර්තනය කිරීමට දිනා ගත් නව බහුතරය මගින් ක්‍රියාවට නැගීමට හැකි වනු ඇත. අවසාන වශයෙන්, රැකියා, ජීවන වියදම, පමණක් නොව, ඵලදායී ආර්ථික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ බොහෝ හදිසි අවස්ථා සමඟ කටයුතු කිරීමට හැකි වන මාර්ග සිතියමක් රටට ලබා දීම මගින් ජාත්‍යන්තර මූල්‍ය හවුල්කරුවන්ට ප්‍රබල සංඥාවක් ලබාදීමට ද අවස්ථාවක් ලබා දීමට ඔවුන්ට එමගින් හැකිවනු ඇත.
නව පාර්ලිමේන්තු සැසිවාරයේදී රාජ්‍ය වියදම්, තරුණ සුබසාධනය, විදුලිය සම්පාදනය, සෞඛ්‍ය සඳහා රටේ අයවැයෙන් 60%ක් වෙන් කිරීමට තීරණය කර ඇත. රටේ අයවැය හිඟය 10.5%GDB ලෙස සැලකෙන අතර පසුගිය රජය විසින් ජාත්‍යන්තර මුල්‍ය ආයතන සඳහා ඉදිරිපත් කර ඇත්තේ 5%ක් ලෙස බවට චෝදනා කරන සොන්කෝ රජය මෙම මුල්‍ය අපරාධ කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට ද අනතුරු හඟවා සිටි. මෙම හෙළි කිරීමත් සමග ජාත්‍යන්තර මුඩී ආයතනය සෙනගාලය, B3සිට B1 දක්වා පහතට ඇද දමා ඇත. මේ අනුව ඩොලර් බිලියන 1.5කට වුනු දේ සෙවීම සොන්කෝ රජය විශේෂ කොමිසමකට භාර දී ඇත්තේ අන්තර් ජාතික මුල්‍ය අරමුදලේද සහය ඇතිවය. මෙම කොමිසම මගින් වරද කරුවන් වූ විශාල ධනවතුන් පිරිසක් මේ වන විට සිර ගත කර ඇති බවටද වාර්තා වේ.
කෙසේ වෙතත් සෙනගාල ජනාධිපති Bassirou Diomaye Faye අවධාරණය කරනුයේ සෙනගාලයේ ආර්ථික ස්වාධීනතාවය ආරක්ෂා කිරීම සඳහා පසුගිය රජයන් විසින් අත්සන් කරන ලද ගෑස් හා තෙල්, මිනිරන් ගවේෂණය සඳහා එකඟ වූ සියළු ආර්ථික සම්මුතීන් යලි සමාලෝචනය කරනු ලබන බවයි. විශේෂයෙන් ප්‍රංශය සමග අත්සන් කර ලැබ ඇති එරට මුල්‍ය ඒකකය ලෙස සැලකෙන CFA මුල්‍ය ගිවිසුම අහෝසි කිරීමට ද පැස්ටෙෆ් රජය ජනතාවට පොරොන්දු වී ඇත.










