“ඇමරිකානු ඒකපාර්ශ්විකවාදයට” සහ “ආරක්‍ෂණවාදයට” එරෙහිව ෂී ජින්පින් අනතුරු හඟවයි!

“ඇමරිකානු ඒකපාර්ශ්විකවාදයට” සහ “ආරක්‍ෂණවාදයට” එරෙහිව ෂී ජින්පින් අනතුරු හඟවයි!

මේ වනවිට ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් ජය ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන අපනයන භාණ්ඩ සඳහා 60%ක බද්ධක් ගැසීමට තීරණය කර ඇති නිසා චීනය හා ඇමරිකාව අතර වෙළඳ යුද්ධය උත්සන්න වෙමින් පවතී. ලීමා හි පැවති ආසියා පැසිෆික් සමුළුවේ (APEC) පළමු දිනයේ විකාශනය වූ දේශනයකදී චීන ජනාධිපතිවරයා ගෝලීය භූ දේශපාලනික සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කලේ ලෝකය දැවැන්ත වෙනස් වීම වලට හා අර්බුධ කාරී යුගයකට අවතීර්ණ වෙමින් පවතින බවය. මෙම සමුළුවේදී අදහස් දැක් වූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කලේ දේශපාලනික වෙනස් කම් හා ප්‍රතිසංස්කරණ ලෝකය ඉල්ලා සිටින බවයි.

පෙරුවියාවේ අගනුවර ලීමා හි සිකුරාදා පැවැත්වුන ආසියා පැසිෆික් සමුළුවට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් තම සේද මාවත පුළුල් කිරීම සඳහා වූ තවත් වැදගත් පියවරක් තබමින් චිලී රාජ්‍යයට, බොලිවියාව, වෙනිසුවේලාව,ආර්ජන්ටිනාව, කොලොම්බියාවට හා ඉක්වදෝරය හරහා සිදු කරන වෙළඳ පල ආර්ථිකය ප්‍රවර්ධනය සඳහා වූ හෙක්ටයාර් 141 මත ඩොලර් බිලියන 3.6ක් ආයෝජනය කරමින් ඉදි වූ CHANCAY වරාය විවෘත කරන ලදී. ඩොලර් බිලියන 1.3ක් වටිනා විශාල ජැටි 15කින් සමන්විත මෙම වරාය චීනය හා දකුණු ඇමරිකාව අතර වැදගත් ආර්ථික සංදිස්ථානයක් ඇති කරනු ලබනු ඇති බව ආර්ථික විශේඥයයන් මේ අතර පෙන්වා දේ. එසේම මෙම වරාය මධ්‍යම ඇමරිකාවේ මරමස්ථානයක් ලෙසද සැලකේ. පේරු රාජ්‍යය හා චීනය අතර ආර්ථික ආදායම ඩොලර් බිලියන 36ක් ලෙස පෙන්වන අතර පේරු හි මිනිරන් නිෂ්පාදනයෙන් 30%ක් භුක්ති විඳින්නේ බිංජි පාලනය විසිනි.

දකුණු ඇමරිකාව හා චීනය අතර වෙළඳ ආදායම ඩොලර් බිලියන 500ක් ලෙස ගණන් බලා ඇත. දකුණු ඇමරිකාව හා යුරෝපා සංගමය අතර ද කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අත්සන් තැබීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම තවමත් ප්‍රමාද වී ඇත්තේ එමගින් දකුණු ඇමරිකානු එළවලු හා පලතුරු වලට අඩු බදු ගැසීමට එරෙහිව යුරෝපීය ගොවි සංවිධාන විරෝධය පල කිරීම නිසාවෙනි. දකුණු ඇමරිකාව තුල චීන ව්‍යාප්තිය අවසන් කරන බව ඇමරිකානු නව ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කරමින් සිටින්නේ එරට විදේශ අමාත්‍ය වරයා ලෙස දැඩි චීන විරෝධියෙක් වන මියාමියේ උපත ලද කියුබානු ජාතික මෙන්ම දැඩි කොමියුනිස්ට් විරෝධියෙකු වන MARCO RUBIO පත් කරමිනි. කෙසේවෙතත් චීන රාජ්‍ය ආයතනයක් වන COSCO SHIPPING ආයතනය විසින් ඉදි කල Chancay වරාය විවෘත කරමින් චීන ජනාධිපති ෂී ජින්පින් සිකුරාදා ලීමා හි ආසියා-පැසිෆික් රටවල (APEC) සමුළුවේදී පැවසුවේ ලෝකය “ඒකපාර්ශ්විකත්වය” සහ “ආරක්ෂණ වාදය” වැඩිවන යුගයකට අවතීර්ණ වෙමින් සිටින බවට අනතුරු හඟවමිනි.

“ලෝකය “කැළඹිලි සහගත නව පරිවර්තන ඉල්ලා සිටින නව ගැටුම් කාරී කාල පරිච්ඡේදයකට ඇතුල් වී තිබෙනවා. මෙම සන්දර්භය තුළ ගෝලීය කාර්මික සංවර්ධනය හා ඒ සඳහා අවශ්‍ය සැපයුම් දාමයන් ස්ථාවරව මෙන්ම අඛණ්ඩව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වෙනවා ” යයි චීන ජනාධිපතිවරයා සමුළුවට පෙන්වා දුන්නේය.

ලෝක ආර්ථික දත්ත වලට අනුව 2024 වසර සඳහා පමණක් චීනය ඩොලර් බිලියන 1000ක වෙළඳ ආදායමක් උපයා ඇත. එනම් චීනය මිලදී ගන්නවාට වඩා ලෝක වෙළඳ පලට භාණ්ඩ විකුණා ඇත. ආසියා පැසිෆික් සමුළුව සඳහා ලීමා වෙත පැමිණි ෂීන්පින් සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, අතර සෙනසුරාදා සමුළුවට සමගාමීව රටවල් දෙක අතර ආතතීන් අවම කිරීමේ අරමුණින් හමුවීම් කීපයක් සැලසුම් කර ඇත. ජනවාරි මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණීමට පෙර දේශගුණය හා පරිසරය සම්බන්ධයෙන් වැදගත් තීරණ රාශියක් ගැනීමට දෙරටේ නායකයින් අපේක්‍ෂා කරන බව ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කර සිටි.

රිපබ්ලිකන් ජනාධිපති ලෙස තේරී පත් වූ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුර, එක්සත් ජනපදයට පැමිණෙන චීන නිෂ්පාදන සඳහා 60% ක තීරු බදු පැනවීමට තර්ජනය කළේය. එසේම ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය හැඩගස්වා ගැනීම සඳහා විශේෂයෙන් චීනයට එරෙහිව දැඩි මතධාරීන් පත් කර ගැනීමට හා ආක්‍රමණශීලී ජනාධිපති ධුරයක් ගැන ද ඉඟි කර ඇත. යම් ආකාරයකින් ඇමරිකාවේ මෙම බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවහොත් එයට එකට එක කිරීමක් ලෙස චීනය විසින් ඇමරිකානු සමාගම් වලටද බදු ගැසීමට ඉඩ ඇත. විශේෂයෙන් ලෝක වෙළඳ පල තුල චීන විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගම් හා ට්‍රම්ප් හිතවතෙක් වන ELON MUSKට අයත් ඇමරිකානු TESLA විදුලි මෝටර් රථ සමාගම අතර දැඩි තරඟයක් හා ගැටුමක් තිබේ. ට්‍රම්ප් ගේ පෙර ජනවරම (2017-2021) තුළ ඔහු චීනය සමඟ සෘජු වාණිජ ගැටුමක නිරත විනි.

ගෝලීය ආර්ථික අන්‍යෝන්‍ය රඳා පැවැත්ම අඩු කිරීමට ගන්නා ඕනෑම ප්‍රයත්නයක් “ලෝකය පසුපසට හැර වෙනත් කිසිවක්” සිදු නොවන බව චීන ජනාධිපතිවරයා තවදුරත් පවසා සිටියේය. Lima හිදී, Xi මහතා චීනය 5% GDP වර්ධනයේ ඉලක්කය සපුරා ගන්නා බවටත්, “ජාත්‍යන්තර ආයෝජන සඳහා චීනයේ දොර තව දුරටත් විවෘත කරන” ආර්ථික ලිබරල්කරණ ප්‍රතිපත්ති අඛණ්ඩව අනුගමනය කිරීමටත් පොරොන්දු විය.

Facebook
Twitter
LinkedIn