ලබන 13, 14 පාසල් නිවාඩු

ලබන 13, 14 පාසල් නිවාඩු

මේ මස 14 වෙනි දින පැවැත්වෙන මහමැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක විසින් කරන ලද ඉල්ලීම මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නොවැම්බර් 13 සහ 14 දිනයන් දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

ඒසේම යළිත් මේ මස 18 දින සිට යළි පාසල් ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

ඒ අනුව, මේ මස 12 වනදා පාසල් වේලාවෙන් පසුව ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු බවත් ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, ඩෙස්ක්, පුටු සහ ශාලා පහසුකම් ලබා දීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු දැනුවත් කරනු ඇති බවත් අමාත්‍යාංශය නිවේදනයේ දැක්වේ.

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබා දීමට කටයුතු කරනු ලබන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටී.

Facebook
Twitter
LinkedIn