ජනාධිපති, අගමැති අතර ගැටුමක් ගැන ප්‍රචාරය කරන අයට අගමැතිනිය සහසුද්දෙන් පිළිතුරු දෙයි

ජනාධිපති, අගමැති අතර ගැටුමක් ගැන ප්‍රචාරය කරන අයට අගමැතිනිය සහසුද්දෙන් පිළිතුරු දෙයි

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති ඇතුළු නිලධාරීන්ට ඉවත් වන ලෙස දැන්වීමත් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අතර ගැටීමක් ඇති බව ප්‍රචාරය කරන අයට පැහැදිලි පිළිතුරක් ලබා දී තිබේ.

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය රත්මලානේ පවත්වන ලද ජන හමුවකට එක් වෙමින් එම පිළිතුර ලබා දී තිබිණි. එහි දී අවධාරණය කර තිබෙන්නේ පරාජිත පක්ෂවලට ඔවුන්ගේ අභ්‍යන්තර ගැටළු විසඳා ගැනීමට නොහැකිව සිටියදී මාලිමාවේ නායකයින් ගැන ව්‍යාජ ප්‍රචාර ගෙන යාම ඔවුන්ගේ බංකොලොත්භාවයේ නිරූපණයක් බව ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල කැබිනට් මණ්ඩලය හොඳ අවබෝධයෙන් තීන්දු තීරණ ලබා ගන්නා බව වැඩි දුරටත් අවධාරණය කළේය. ජාතික ජන බලවේගයේ නායකයින් අතර ගැටුම් ඇතිවීම පරාජිතයන්ගේ බලාපොරොත්තුව වී තිබුණ දෙ, ඔවුන් වැටී සිටින තත්වය පිළිබඳ තමන් කණගාටු වෙන බවද ඇය පැවසුවා ය.

Facebook
Twitter
LinkedIn