ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවකුවකු කර සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ලෙස පත් කිරීමට රනිල් වික්‍රමසිංහ වගඋත්තරකරුවෙකු බවට පත් කර ඇත.
දේශබන්දු තෙන්නකෝන්ට එම තනතුර ලබාදීම අභියෝගයට ලක් කරමින් තරුණ ජන මාධ්‍යවේදීන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබිණි. අද (29) එය විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ලේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම සලකා බලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, රනිල් වික්‍රමසිංහ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අවසර ලබා දුන්නේ ය.
මේ අනුව, නොවැම්බර් 11 වෙනි දින අදාළ නඩුව වැඩි දුරටත් විභාග කිරීමට දින ලබා දී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දේශබන්දු තෙන්නකෝන්ව වැඩ බලන පොලිස්පති ලෙස පත් කිරීම අනුමත නොකර තිබියදී රනිල් වික්‍රමසිංහ අත්තනෝමතික ලෙස ඔහුව පත් කරනු ලැබීය. පසුව හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරය විෂමාචාර ලෙස යොදා ගනිමින් නීති විරෝධීව එම පත් කිරිම අනුමත කිරීම සඳහා තීරණාත්මක ඡන්දය ලබා දී තිබිණි.










