මාලදිවයින් ජාතිකයෙකු අත්තඩංගුවට

මාලදිවයින් ජාතිකයෙකු අත්තඩංගුවට

ශ්‍රී ලංකාව තුළදී අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල දීම සම්බන්ධයෙන් මාලදිවයින් ජාතිකයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් අත්තඩංගුවට ගෙන ඇත.

එම මාලදිවයින් ජාතිකයා ගල්කිස්ස දෙහිවල සිරිපාල මාවතේ නිවසක දී අත්තඩංගුවට ගෙන තිබේ. මෙයට පෙර අත්තඩංගුවට ගන්නා ලද පුද්ගලයින්ගෙන් හෙළි වූ කරුණු අනුව එලෙස අත්තඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් බාරයේ තබා ගනිමින් සිදු කෙරෙන බව වැඩි දුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn