තම ඡන්ද ප්රචාරක කූට ව්‍යාපාරයක් ලෙස රනිල් වික්‍රමසිංහගේ පාස්ක දා කමිටු වාර්තාවක් යොදා ගෙන සිටින උදය ගම්මන්පිල වැදගත් තොරතුරු තුනක් හෙළිකර ඇත.
චැනල් 4 නාළිකාවෙන් හෙළි කරන ලද පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ කුමන්ත්රණයේ තොරතුරු සැපයූ රන්සි හසාන් මවුලානාගේ ප්‍රකාශය පදනම් කර ගනිමින් චැනල් 4 නාළිකාව ඉදිරිපත් කළ වීඩියෝවේ තොරතුරු සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා පත් කළ ඉමාම් කමිටුව ගම්මන්පිලගේ ප්‍රධාන දේශපාලන මෙවලමක් කර ගෙන තිබේ.
ඉමාම් කමිටුව විසින් රන්සි හසාන් මවුලානා පිළිබඳව තොරතුරු සෙවීමේදී ඔහුගේ ලිපිනයක් හෝ රැඳී සිටින රට හෝ සොයා ගැනීමටවත් නොහැකි වූ බෙලහීන කමිටුවක් බව තහවුරු වී ඇත. එමෙන් ම, හසාන් මවුලානා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලබා දී තිබෙන ප්‍රකාශයක පිටපතක් ඉමාම් කමිටුවෙන් ඉල්ලා තිබුණ ද, එය ලබා ගැනීමටත් අසමත් වී තිබිණි. ස්විට්ස්ලන්ත තානාපති කාර්යාලයෙන් හසාන් මවුලානා පිළිබඳ තොරතුරු ඉමාම් කමිටුවෙන් ඉල්ලා ඇති අතර පුද්ගලික දත්ත ආරක්ෂණ නීතිය අනුව මෙවැනි කමිටුවකට එම තොරතුරු ලබා දිය නොහැකි බව දන්වා තිබිණි.
එතරම් ම බෙලහීන, ජනතාව නොමග යවන කමිටුවක වාර්තාව ගම්මන්පිල විසින් දේශපාලනයට යොදා ගැනීම නිසා ප්‍රබලම ප්‍රහාරය රනිල් වික්‍රමසිංහට එරෙහිව සිදු වී ඇතැයි විචාරකයෝ පෙන්වා දී ඇත. රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුළ ජනතාව නොමග යැවීමට දරන ලද උත්සාහ රැසක් අතර පාස්කු දින ප්‍රහාරය ප්රමුඛ ය.










